ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත වෙයි
By Kaushi
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) දින උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී බව සඳහන්.
මියයන විට දෙදරු පියෙක් වූ ඒ මහතා 56 වන වියේ පසු වුණා.
අති දක්ෂ රංගන ශිල්පියකු වශයෙන් වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් ඔහු දක්ෂ කලාකරුවෙක්.
ඔහුගේ අභාවය සිංහල කලාවට විශාල පාඩුවක් වන බව නම් නොඅනුමානයි.