රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

Report

අති  දක්ෂ රංගන ශිල්පියකු ලෙස පුංචි තිරය,රිදී තිරය හැඩ  කෙරූ  රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා මේ වෙද්දී මහරගම අපේෂා රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තා වේ.

ඒ  අනුව ඔහුගේ දැන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමේදී ප්‍රවීන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වූ දයාරත්න රටගෙදර මහතා ඒ පිළිබද තොරතුරු හුවමාරු කරගෙන තිබේ.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

ඔහු මේ කලාකරුවාගේ ඥාති සොයුරෙක්. ඒ අනුව ඔහු ප්‍රකාශ කලේ ,

"නලීන් මේ වෙද්දි ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. ඔහුගේ තත්ත්වය ඒ තරම්ම හොද නැති නිසා වෛද්‍යවවරු නලින්ව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. ඇත්තටම මේ දුක අපිටත් දරා ගන්න බැහැ. දින කීපයකට කළින් තමයි ඔහුව මේ රෝහලට අරන් ආවේ. ඒ අරගෙන ආවට පස්සේ තමයි එන්නම එන්නම අමාරු වුණේ.”

නලින් දක්ෂ රංගන ශිල්පියෙක් බව අපි ඔබට මුලින් මතක් කළා. ඔහු වේදිකාවට, සිනමාවට වගේම ටෙලි නාට්‍ය තුළිනුත් ඒ දක්ෂතාවය අපට පෙන්නුවා. නලින් දෙදරු පියෙක්. කොහොම වුණත් අපේ පැතුම ඔහු ඉක්මණින්ම යථා තත්ත්වයට පත් වුණු දැකීමයි. ඒ වගේම නලින් කොළඹ දිස්ත්‍රික් සජබ සංවිධායකවරයෙක්ද වෙනවා.

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

කෙසේ නමුත් මෙම අති දක්ශ කලාකරුවාට අපිත් ඉක්මන් සුව පතමු.