කොටස් වෙළෙඳපොළෙන් ආපු නරක වාර්තාව - ඔක්තෝබර් 30 ගනුදෙනු අවසන් වන විට ගෙවුණු මාස 10 තුළ වූ කඩා වැටීම මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල දත්ත වාර්තාවන්ට අනුව, 2026 වසරේ මුල් මාස 10 ඇතුළත කොටස් වෙළෙඳපොළ 10.97% ක පහළ යාමක් වාර්තා කර ඇති බව සඳහන්.
ඒ අනුව ඉකුත් ඔක්තෝබර් 30 වන සිකුරාදා දින ගනුදෙනු අවසන් වන විට, සියලු කොටස් මිල දර්ශක අගය 20,142.33ක් වශයෙන් සටහන් වී ඇත.
එසේම වසර ආරම්භයේදී එම අගය 22,624.31ක් වූ අතර, එය ඒකක 2,481.98 ක හෙවත් 10.97% ක පහළ යාමක් ලෙස වාර්තා වුණ බව සඳහන්.
එමෙන්ම කොටස් වෙළඳපොළ දත්ත පෙන්වා දෙන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළේ අනෙක් ප්‍රධාන මිල දර්ශකය වන S&P SL20 දර්ශකය ද මෙම කාලපරිච්ඡේදය තුළදී ඒකක 6,157.38 සිට 5,746.40 දක්වා ඒකක 410.98 කින් හෙවත් 6.67% කින් පහළ ගොස් ඇති බවයි.
කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
ඉකුත් ඔක්තෝබර් මාසය තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 441.17කින් පහළ ගොස් ඇති අතර 2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රුපියල් බිලියන 7,548.18ක් බව සඳහන්.
එසේම ඔක්තෝබර් 30 වන දින වන විට එම අගය රුපියල් බිලියන 7,107.01ක් දක්වා අඩුවී ඇති බව වාර්තා වේ.