මීට පස්සේ මේ සළකුණු නොමැති ස්ථානවල බස් නතර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් - රථවාහන තදබදයට තිත තැබීමට නව වැඩපිළිවෙලක්
බගවන්තලාව නගරය ඔස්සේ ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ නගරයේ සෑම ස්ථානයකම නතර කිරීම නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් එම රථවාහන තදබදය අවම කිරිමට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ විධායක ඉංජිනේරුවරයා විසින් ක්රියාමාර්ගයක් ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වාහන තදබදය බගවන්තලාව බස් නැවතුම්පොළේ සිට හැටන් දක්වා ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ නගරය පසුවන තෙක් සෑම තැනකම නතර කර මන්දගාමීව ධාවනය කිරීම හේතුවෙන් ඊට පිටුපසින් හෝ ඉදිරියෙන් ධාවනය වන අනෙකුත් වාහන බස් රථය පිටුපසින් දිගු පෝලිම්වල රැදී සිටිමට සිදු වීම හේතුවෙන් පවතින බව සඳහන්.
කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
එබැවින් බගවන්තලාව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් සඳහන් කරන්නේ පවත්නා රථවාහන තදබදය අවම කිරිමට නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් බගවන්තලාව නගරයේ බස් රථ නතර කිරීමට ස්ථාන දෙකක් සලකුණු කර වෙන් කර තිබෙන අතර, එම සළකුණු නොමැති ස්ථානවල බස් රථ නතර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවත් ය.
මේ අතර බගවන්තලාව ප්රදේශවාසීන් පවසා ඇත්තේ පවත්නා තත්ත්වය මත බගවන්තලාව නගරය පසු කර යෑමට බස් රථයකට විනාඩි 20ක පමණ කාලයක් ගතවන බවත්, නගරය පසු කරනවාත් සමඟ එම බස් රථ ප්රමාද වූ කාලය සමනය කිරීමට මගීන්ගේ ජීවිත අවධානමේ තියා බස් රථ අධික වේගයෙන් සිය ගමනාන්තය දක්වා ධාවනය කරන බවයි.