මේ ජනතාවට අතිවිශේෂ දැනුම්දීමක් - මේ දේවල් රජය හරහා ප්‍රාදේශිය මට්ටමින් බෙදා හැරේ අදම ලබා ගන්න

Report

එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර තොග රට තුළ පවතින බවත්, අදාළ පොහොර ප්‍රාදේශීය මට්ටමින් බෙදාහැරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ මහ කන්නය සඳහා යුරියා මෙට්‍රික් ටොන් 180,000ක් අවශ්‍ය වන අතර, මේ වන විටත් මෙට්‍රික් ටොන් 33,000ක් ප්‍රාදේශීය මට්ටමින් බෙදාහැර ඇති බවයි.

ඊට අමතරව සමාගම් සතුව මෙට්‍රික් ටොන් 42,000ක් පවතින අතර, පසුගිය මාසයේ අග වරායට පැමිණි නැව් තුනකින් යුරියා මෙට්‍රික් ටොන් 98,700ක් ගොඩබෑම සිදු කෙරේ.

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලබා ගැනීමට නියමිත මෙට්‍රික් ටොන් 44,000ක තොගය ද සමඟ රට තුළ පවතින සහ ලැබීමට නියමිත මුළු යුරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 218,000කි. එසේම, මහ කන්නයට අවශ්‍ය මඩපොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 25,000ක් වන අතර, මේ වන විට TSP මෙට්‍රික් ටොන් 4,396ක් සහ SSP මෙට්‍රික් ටොන් 511ක් බෙදාහැර තිබේ.

සමාගම් සතු තොග, දේශීය නිෂ්පාදන සහ ඉදිරි ආනයන ද සමඟ මඩපොහොර මෙට්‍රික් ටොන් 31,000කට වැඩි ප්‍රමාණයක් සැපයීමට කටයුතු යොදා ඇත.

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

තවද, කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර (MOP) මෙට්‍රික් ටොන් 57,000ක අවශ්‍යතාව වෙනුවෙන් මේ වන විට රට තුළ මෙට්‍රික් ටොන් 57,500ක තොග පවතින අතර, ඉන් මෙට්‍රික් ටොන් 5,000ක් බෙදාහැර අවසන්ය.

තවත් මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කිරීමට ද සැලසුම් කර ඇත. ඒ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ බලපත්‍රලාභී වෙළෙඳසැල් හරහා ගොවීන්ට හිඟයකින් තොරව පොහොර ලබාගත හැකි බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.