අලි මරණ වළක්වන්න රට පුරා දැවැන්ත මෙහෙයුමක් - ‘හස්ති සේනා’ ගල්කිරියාගමෙන් ඇරඹේ

Report

අලි ඇතුන්ගේ ජීවිතවලට එල්ල වන තර්ජන අවම කරමින් අලි - මිනිස් ගැටුම පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ‘හස්ති සේනා’ විශේෂ මෙහෙයුම අද (02) වයඹ වනජීවී කලාපයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ කර තිබේ.

පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන, අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා විද්‍යාත්මක හා සැලසුම්සහගත ක්‍රියාමාර්ග මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහෙයුම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ, අනතුරට ලක්වීමේ අවදානමක් පවතින අලි ඇතුන් 17 දෙනෙකු මූලික කරගනිමින් මෙහි පළමු අදියර ආරම්භ කළ බවයි.

අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලින් සියයට 80ක් පමණ ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඉතිරි සියයට 20ක ප්‍රදේශය ද වෙනම වැඩපිළිවෙළක් යටතේ ආවරණය කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අලි ඇතුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අනවසර ගිනි අවි, හක්කපටස්, අනවසර විදුලි රැහැන් සහ මදු සම්බන්ධයෙන් වැටලීම් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද මෙම මෙහෙයුම යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

“ලාල් සහෝදරයා තමන්ගේ වමේ ව්‍යාපාරයේ ඒ රතු කොඩිය අතහැරියේ නැතුව මරණය දක්වාම අරගෙන ආපු කෙනෙක්'' - ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි

“ලාල් සහෝදරයා තමන්ගේ වමේ ව්‍යාපාරයේ ඒ රතු කොඩිය අතහැරියේ නැතුව මරණය දක්වාම අරගෙන ආපු කෙනෙක්'' - ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි

මෙම මෙහෙයුම සඳහා හමුදා සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව ඇති අතර, කණ්ඩායම් හයක් යටතේ ක්‍රියාත්මක වන මෙහෙයුම් කණ්ඩායම් 10ක් ද ඊට දායක වී තිබේ.

හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට වයඹ පළාත භාර වනජීවී අධ්‍යක්ෂ පුෂ්පන්ත විමලදාස, පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවින්ද්‍ර කාරියවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. එමෙන්ම 21 වන සේනාංකයේ මේජර් ජෙනරාල් කමින්ද සිල්වා, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බස්නායක සහ ලුතිනන් කර්නල් අබේවික්‍රම යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.

අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ අලි - මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගත් මෙම ‘හස්ති සේනා’ මෙහෙයුම අදාළ රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට පස්සේ මේ සළකුණු නොමැති ස්ථානවල බස් නතර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් - රථවාහන තදබදයට තිත තැබීමට නව වැඩපිළිවෙලක්

මීට පස්සේ මේ සළකුණු නොමැති ස්ථානවල බස් නතර කිරීම සම්පූර්ණයෙන්ම තහනම් - රථවාහන තදබදයට තිත තැබීමට නව වැඩපිළිවෙලක්