“ලාල් සහෝදරයා තමන්ගේ වමේ ව්‍යාපාරයේ ඒ රතු කොඩිය අතහැරියේ නැතුව මරණය දක්වාම අරගෙන ආපු කෙනෙක්'' - ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි [VIDEO]

Report

ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටින්නේ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ලාල් විජේනායක මහතාගේ අභාවය මෙරට වමේ ප්‍රගතිශීලී ව්‍යාපාරයට මෙන්ම ජාතික ජන බලවේගයට ද විශාල පාඩුවක් බවයි.

ලාල් විජේනායක මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ , ඔහු වමේ ව්‍යාපාරයේ ප්‍රතිපත්තිගරුක නායකයෙකු ලෙසත්, ජාතික ජන බලවේගය ගොඩනැඟීමට විශාල දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකු ලෙසත් කටයුතු කළ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා,

“ලාල් විජේනායක සහෝදරයාගේ අභාවය අපි හිතන්නේ අපේ වමේ ප්‍රගතිශීලී ව්‍යාපාරයට විශාල පාඩුවක් කියලා. එක පැත්තකින් ගත්තොත්, ජාතික ජන බලවේගය ගොඩනඟනකොට ඒකේ ආරම්භක නායකයෙක් ලෙස එතුමා කටයුතු කළා. ගොඩනඟන්න මැදිහත් වුණා. ඊට පස්සේ පවත්වාගෙන යෑමටත්, අපි ගත්තු මැතිවරණ ජයග්‍රහණවලදීත් ලාල් සහෝදරයා විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ නිසා අපි ජාතික ජන බලවේගය හැටියට ගත්තාමත් ලාල් සහෝදරයාගේ වියෝවීම අපට ලොකු පාඩුවක්. අනිත් පැත්තෙන් ගත්තොත්, ලාල් සහෝදරයා කියලා කියන්නේ අපේ රටේ වමේ ව්‍යාපාරයේ පතාක යෝධයෙක්. ඒ වගේම ප්‍රතිපත්තිගරුක මනුස්සයෙක්. ලාල් සහෝදරයා තමන්ගේ වමේ ව්‍යාපාරයේ ඒ රතු කොඩිය අතහැරියේ නැතුව මරණය දක්වාම අරගෙන ආපු කෙනෙක්. ඒ නිසා එහෙම ප්‍රතිපත්තිගරුක මිනිස්සු සමාජයේ අඩුයි. ඉතින් එහෙම ගත්තොත්, ලාල් සහෝදරයා ඒ සඳහා පරමාදර්ශයක් ලෙස කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත්, ලාල් සහෝදරයා බොහොම නිහතමානී, සුන්දර මනුස්සයෙක්. ලොකුකම් නැති, කා එක්කත් බොහොම සුහදව කටයුතු කරන, කාටත් ආදරණීය චරිතයක්. එතකොට අපි ජාතික ජන බලවේගය ගොඩනඟන්න කලින් ඉඳලම ලාල් සහෝදරයාත් එක්ක අපට සම්බන්ධකමක් තිබුණා. ලාල් සහෝදරයලා සමහර ඔය සම්මන්ත්‍රණ, රැස්වීම් වගේ කරද්දී නිරන්තරයෙන්ම අපට ලියලා අපෙන් කථිකයෙක් ඉල්ලනවා. අපි ජනතා විමුක්ති පෙරමුණෙන් කථිකයෙක් ඒවාට සම්බන්ධ වෙනවා. එහෙම ලොකු සම්බන්ධයක් තිබුණා. ඒකත් එක්ක තමයි අපි ජාතික ජන බලවේගය හදන්නේ. ඉතින් ජාතික ජන බලවේගයේ නායකයෙක් ලෙස කටයුතු කළා. මේ ජයග්‍රහණයට දායක වුණා. එතුමාටත් සතුටක් තියෙන්න පුළුවන්කම තියෙනවා. එතුමා ප්‍රාර්ථනා කරපු සමාජ වෙනස කිරීම සඳහා දායක වෙන්න එතුමාට පුළුවන්කම ලැබුණා. ඉතින් ඒ නිසා වමේ ව්‍යාපාරයේ රතු කොඩිය උස්සගෙන හිටපු නායකයෙක් ලෙස කටයුතු කරලා, ප්‍රතිපත්තිගරුක කෙනෙක් ලෙස කටයුතු කරලා, ජාතික ජන බලවේගයට විශාල දායකත්වයක් සපයලා අපේ මේ මොහොතේ ලාල් සහෝදරයා සමුගන්නවා. ඉතින් අපි ලාල් සහෝදරයාට ජාතික ජන බලවේගය හැටියටත්, ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් අපේ ආචාරය පුද කර සිටිනවා.”   

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගැන විශේෂ දැනුම්දීමක්

ලෝක නායකයන් හමුවන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට අගමැතිනියත් එක්වෙයි

ලෝක නායකයන් හමුවන පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට අගමැතිනියත් එක්වෙයි