දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් – පුද්ගලයන් 1,241ක් අත්අඩංගුවට

Report

පොලිසිය විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී නීතිවිරෝධී මත්පැන් ඇතුළු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,241ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 254,679ක්, හෙරොයින් මිලිග්‍රෑම් 112,567ක් සහ ගංජා මිලිග්‍රෑම් 3,738,356ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 21,132ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, වාහන 7,922ක් සහ යතුරුපැදි 6,545ක් පරීක්ෂා කර ඇත.

ශිෂ්‍යත්වයට සූදානම් වෙන්න - විභාගයට දින නියම වෙයි

ශිෂ්‍යත්වයට සූදානම් වෙන්න - විභාගයට දින නියම වෙයි

මෙම පරීක්ෂාවන්හිදී ගිනි අවි 05ක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර, ඒ අතර විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක්ද වේ.

මෙම මෙහෙයුම ඊයේ දිනය පුරා ක්‍රියාත්මක වූ අතර, ඒ සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 5,300කට අධික පිරිසක් සහභාගී වී ඇත.

තුන්වන දරුවාට ලක්ෂ 2ක් - ජනගහනය වැඩි කිරීමට රජයෙන් ආධාරයක්

තුන්වන දරුවාට ලක්ෂ 2ක් - ජනගහනය වැඩි කිරීමට රජයෙන් ආධාරයක්

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති