ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න [UPDATE]

Report

අද (19), හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයින පුරා සිදුකිරීමට නියමිත විදුලි කප්පාදුව වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

මේ සඳහා මුළු දිවයිනම කලාප (Groups) 04 කට (Group 01, Group 02, Group 03 සහ Group 04) බෙදා වෙන්කර තිබෙන අතර, අදාළ ප්‍රධාන විදුලි උපපොළවල් (GSS) සහ පෝෂක මාර්ග (Feeder Numbers) අනුව විදුලිය විසන්ධි කිරීම සිදුවනු ඇති බව සඳහන්.

අද හෙට සහ අනිද්දා යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශවලට දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්.. කපන වේලාව මෙන්න

අද හෙට සහ අනිද්දා යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශවලට දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්.. කපන වේලාව මෙන්න

Group 01 (කලාපය 01):

අයත් ප්‍රධාන ප්‍රදේශ/උපපොළවල්: අම්බලන්ගොඩ, අතුරුගිරිය, බැලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උඩුවෙල, වාලච්චේන, මාලිබොඩ, වැවැල්වත්ත සහ විමලසුරේන්ද්‍ර උපපොළවල්

Group 02 (කලාපය 02)

අයත් ප්‍රධාන ප්‍රදේශ/උපපොළවල්: අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බොලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කටුනායක, කැළණිය, කෙරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මහව, මන්නාරම, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, පුත්තලම, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ සහ SUB A, C, I

Group 03 (කලාපය 03)

: අයත් ප්‍රධාන ප්‍රදේශ/උපපොළවල්: අම්පාර, අනියාකන්ද, අනුරාධපුර, බදුල්ල, බියගම, බොලවත්ත, හලාවත, චුන්නාකම්, දෙහිවල, කප්පල්තුරේ, කැළණිය, කෑරවලපිටිය, කිලිනොච්චිය, කොළොන්නාව, කොටුගොඩ, මහියංගණය, මාහෝ, මන්නාරම, මොනරාගල, නුවරඑළිය, පන්නල, පන්නිපිටිය, රත්මලාන, සපුගස්කන්ද, ශ්‍රී ජයවර්ධනපුර, ත්‍රිකුණාමලය, වවුනතිව්, වවුනියාව, වේයන්ගොඩ සහ SUB C, I, M, N.

Group 04 (කලාපය 04):

අයත් ප්‍රධාන ප්‍රදේශ/උපපොළවල්: අම්බලන්ගොඩ, අතුරුගිරිය, බැලංගොඩ, බෙලිඅත්ත, දෙණියාය, ඇඹිලිපිටිය, හබරණ, හම්බන්තොට, හොරණ, කළුතර, කෑගල්ල, කැස්බෑව, කිරිබත්කුඹුර, කොස්ගම, කුරුණෑගල, මාතර, මතුගම, නාවුල, නාවලපිටිය, ගාල්ල, පල්ලෙකැලේ, පානදුර, පොළොන්නරුව, රගල, රත්නපුර, සීතාවක, තුල්හිරිය, උකුපිටිය/උකුලවෙල, වාලච්චේන සහ විමලසුරේන්ද්‍ර

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ඒ අනුව මෙසේ සියලුම ප්‍රදේශ කලාප 4කට බෙදා දිනකට පැයක කාලයක් විදුලි කප්පාදුව සවස 4.30 සිට රාත්‍රී 9 දක්වා වූ කාලය තුළ සිදුකිරීමට නියමිත බව සඳහන්.

කෙසේ වුවද ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසන්නේ එක් එක් කාණ්ඩයේ විදුලි සැපයුම විසන්ධි කරන සහ යළි යථා තත්ත්වයට පත් කරන වේලාවන් අදාළ කාල පරාසය තුළ මිනිත්තු 30ක පමණ කාලයක් වෙනස් විය හැකි බවයි. 

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

Gallery