ලක්මාලිටයි ටිල්වින්ටයි නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ.. අධිකරණය වරදකරුවන් කරපු 285ක් අනුර කුමාර නිදහස් කළා.. පාඨලී කට අරී

Report

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් අධිකරණය මඟින් වරදකරුවන් කරනු ලැබූ 285 දෙනෙකුට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 වසරේ නිදහස් දිනයේදී සමාව ලබාදී නිදහස් කර ඇ‍ති බව සඳහන් කරයි.

ඒ අනුව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ(19) දින සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා බදුල්ලේ කළ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු ප්‍රතිචාරයෙන් ඔහුට ඇති ජනමතය පෙන්නුම් කෙරෙන බවයි.

එසේම ඔහු වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ,

ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න

ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න

"මහාසංඝරත්නය පසුගිය දින කිහිපයේ අවිහිංසාවාදීව ජනපතිගෙන් ඉල්ලීමක් කළා. අපි දැක්කා ඔහුගේ ප්‍රතිචාරය, පොලිසියේ, පක්ෂ කාඩර්වල බලය පාවිච්චි කරලා එම අවිහිංසාවාදී ක්‍රියාවන් විසුරුවා හරින්න මැඩපවත්වන්න. ඒ වගේම කොළඹ නගරාධිපතිනිය යොදාගෙන පොදු පහසුකම් වැසිකිළි වසාදමන තිරිසන් තත්ත්වයකට ඇදවැටුණා. මේක ඉතාම භයානක ප්‍රවණතාවක්. යහපාලන කාලයේ විතරක් ජවිපෙ උද්ඝෝෂණ 560කට වැඩිය කළා. එහෙම කරලා ඒ රජයේ සෑම දෙයකටම විරුද්ධව කටයුතු කළා ඒ කිසිම අවස්ථාවක මේ විදියට පොලිස් බලය පාවිච්චි කළේ නැහැ. මේකෙන් පේනවා අද අනුර කුමාර මහත්තයා පත්වෙලා තියෙන තත්ත්වය. සමාජ මාධ්‍යවල අනිත් අයට "හා..හා" රිඇක්ෂන් දාලා, කුණුහරුපෙන් බැනලා එහෙම තමයි ඔවුන්ගේ දේශපාලනය හැදිලා තිබුණේ. නමුත් ඊයේ අනුරගේ කතාවට කවදාවත් නැතිව "හා..හා" වරුසාවක් ආවා. බදුල්ලේදී කිව්වා අධිකරණ නියෝගවලට පිටින් කිසිදෙයක් කරන්නේ නැහැ කියලා. මතක තියාගන්න අධිකරණය විසින් වරදකරුවන් කරපු 285ක් 2025 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා. අධිකරණය මගින් වරදකරුවන් කරනු ලැබූ 49ක් 2026 පෙබරවාරි 4 අනුර කුමාර නිදහස් කළා. ඒ අනුව මේක විහිළුවක්. ඊළඟට අධිකරණ අපහාස පිළිබඳ එතුමාගේ මන්ත්‍රීවරියක් වන ලක්මාලි හේමචන්ද්‍ර 2025 ඔක්තෝබර් මාසේ කොළඹ සංවර්ධන සභා රැස්වීමේදී කැලණිවැලි දුම්රිය මාර්ගයේ නිවාස කඩන්න ගියාම ඒකට උසාවි නියෝගයක් ගත්තාම, මේ මන්ත්‍රීවරිය ඒ සභාවේදී කිව්වා කිසිම උසාවි නියෝගයක් ගණන් ගන්න එපා, අපේ නීතිය තියෙන්නේ අපිට ඕනේ විදියට වැඩ කරන්නේ, කිසිම මිනිහෙක් අයින් කරන්න එපා කියලා මේ ගැන පැමිණිල්ලක් කළා සුගීෂ්වර බණ්ඩාර. අද මේ වෙනකම් අනුරට බැරිවුණා ලක්මාලිට නීතිය ක්‍රියාත්මක කරවන්න ඊළඟට ටිල්වින් සිල්වා පසුගිය මැයි 1 වැනිදා තවත් විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත ගල්අඟුරු ජනපති කොමිසම ඒක පත්කරලා තියෙන්නේ ජවිපෙ අයව නිදහස් කරන්න අනිත් අයට දඬුවම් දෙන්න කියලා ප්‍රකාශයක් සිදුකළා. මතක තියාගන්න මේගොල්ලොත් උසාවියට අපහාස කරපු කට්ටිය කිසිම නීතිය ක්‍රියාත්මක කිරීමක් වෙලා නැහැ "

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්‍රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්