ලංකාව ගැන නරක ආරංචියක් - ශ්‍රී ලංකා මහ බැංකු අධිපති කියයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන ඉලක්කය සියයට 5 සිට සියයට 2 දක්වා අඩු කිරීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ආරක්ෂා වන බව බැලූ බැල්මට පෙනී ගියද, එමඟින් මෙරට සමස්ත ආර්ථික වර්ධනයට දැඩි අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි.

මහ බැංකු අධිපතිවරයා විද්වත් හමුවක් අමතමින් වැඩිදුරටත් පැවසුවේ දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය තීරණය කර ඇත්තේ ගැඹුරු ආර්ථික අධ්‍යයනයකින් පසුව බවයි.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - වීසා බලපත්‍රය අහිමි වෙන්න කලින් දැනුවත් වෙන්න

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් - වීසා බලපත්‍රය අහිමි වෙන්න කලින් දැනුවත් වෙන්න

ඔහු වැඩිදුරටත් පැවසුවේ එය ආර්ථික වර්ධනය සහ මිල ස්ථායිතාව අතර මනා සමතුලිතතාවක් පවත්වා ගැනීම උදෙසා තෝරාගත් වඩාත් ප්‍රශස්ත ඉලක්කය වන අතර, ඒ අනුව 2029 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ඉදිරි වසර තුනක කාලය සඳහාද එම සියයට 5ක උද්ධමන ඉලක්කය එලෙසම පවත්වාගෙන යාමට මහ බැංකුව සහ රජය නිල වශයෙන් එකඟ වී ඇති බවයි.

උද්ධමන ඉලක්කය කෘත්‍රිමව පහළ මට්ටමකට (සියයට 2ක් වැනි අගයකට) සීමා කිරීමට උත්සාහ කළහොත්, රටේ ආර්ථිකය එහි සැබෑ වර්ධන ධාරිතාවට වඩා පහළ මට්ටමකට ඇදවැටීමේ බරපතළ අවදානමක් පවතින බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න

ගුරු විභාගය සමතුන්ට නිල කැඳවීම් ලිපි මෙන්න - ලබන 20ට පෙර මෙම ලේඛන අයදුම් කරන්න

එවැනි තත්ත්වයකදී උද්ධමනය අඩුවීමෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයට වඩා ආර්ථිකය හැකිළීම නිසා අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවන ජනගහනය ඉහළ යා හැකි බවද ඔහු පැවසීය. සියයට 5ට වඩා අඩු උද්ධමන ප්‍රතිශතයකින් මෙරට ආර්ථිකයට යහපත් ප්‍රතිඵල අත්වන බවට මෙතෙක් කිසිදු ආර්ථික සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය යටතේ සියයට 5ක ඉලක්කය වඩාත් සුදුසු බවට එකඟතාවකට පැමිණියද, ඉදිරියේදී මතුවන නව ආර්ථික දත්ත සහ පර්යේෂණ පදනම් කරගනිමින් අවශ්‍ය වුවහොත් එම ඉලක්කය නැවත සමාලෝචනය කිරීමේ හැකියාව පවතින බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.