ප්රංශයේ විරෝධතා මැද පොලිසිය ස්ථාන කිහිපයක පාලනය අහිමි වීමෙන් උණුසුම් තත්ත්වයක් - ඇඳිරි නීතිය පැනවීමට අගමැතිගෙන් ඉල්ලීමක්
රට පුරා සති අන්තයේ පැවති ප්රචණ්ඩකාරී විරෝධතා අතරතුර පොලිසිය ස්ථාන කිහිපයක "පාලනය අහිමි වී" ඇති බව රජය පිළිගත් පසු, ඇතැම් නගරවල අර්ධ ඇඳිරි නීතිය පැනවීමට කලාපීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ප්රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද පැවති හදිසි කැබිනට් රැස්වීමකින් පසුව ඔහු කියා ඇත්තේ, "මහජන සාමය යථා තත්ත්වයට පත් කිරීමට සම්පූර්ණයෙන්ම අධිෂ්ඨාන කරගෙන සිටින" බවත් අවශ්ය නම් "ප්රාදේශීය සහ අර්ධ" ඇඳිරි නීතිය ඉල්ලා සිටි බවත්ය.
එසේම පැරිස් වැනි සමස්ත නගර සඳහාම සම්පූර්ණ ඇඳිරි නීතිය පැනවීමේ "කිසිදු ප්රශ්නයක්" නොමැති බව ද ඔහු පැවසූ බව සඳහන්.
මේ අතර හදිසි තත්ත්වයක් ප්රකාශ කිරීම අවශ්ය යැයි සලකනු ලැබුවහොත් "අපට එසේ කළ හැකිය" යනුවෙන් ලෙකෝර්නු වාර්තාකරුවන්ට පැවසූව ද, මෙම අවස්ථාවේදී අර්ධ ඇඳිරි නීතිය "වඩාත් සුදුසු" බව ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් කුමන නගර හෝ ඇඳිරි නීතිය කුමන ස්වරූපයක් ගනීදැයි ඔහු පවසා නොමැත.