සියල්ල සෙවීමට උපදෙස් - මිය ගිය කාවන්තිස්ස වෙනුවෙන් සහ ඇතුන් සුරැකීමට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇත.
ඒ 2026 ඔක්තෝබර් මස 16 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී සිදු වූ ‘කාවන්තිස්ස' ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය වෙනුවෙන් සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහායි.
ඒ අනුව හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වශයෙන් මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු කටයුතු කරන බව සඳහන්.
එසේම මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතා කටයුතු කරයි.
එසේම මෙම කමිටුවට ‘කාවන්තිස්ස' ඇතාගේ මරණය සිදු වූ ආකාරය, ඊට බලපෑ ආසන්න හා වක්ර හේතු, ප්රතිකාර කටයුතුවලදී යම් අතපසු වීම් හෝ නොසැලකිලිමත්කම් සිදු වී තිබේද යන්න පිළිබඳව සොයා බැලීම මෙන්ම වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම පැවරෙයි.
ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්
එමෙන්ම මෙම කටයුත්තේදී දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමට ද මෙම කමිටුවට බලය පැවරී ඇති බව සඳහන්.
එබැවින් කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වන සිය අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ වන යෝජනාවලිය ඇතුළ සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.