දිස්ත්‍රික්ක 14කට හෙට හදිසි තාප අනතුරු ඇඟවීමක් - උෂ්ණත්වය සෙල්සියස් 45ට නගියි කාලගුණෙන් ජනතාවට හදිසි උපදෙස්

Report

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14ක් සඳහා හෙට (20) දිනයේ බලපැවැත්වෙන පරිදි ‘අවධානය යොමු කළ යුතු මට්ටමේ’ (Caution Level) තාප අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (19) නිකුත් කළ නිවේදනයට අනුව, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය (Heat Index) අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ යා හැකි බවට අනාවැකි පළ කර ඇත.

මෙම මට්ටම යටතේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගත හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි උෂ්ණත්ව තත්ත්වයක් යටතේ දිගු වේලාවක් එළිමහනේ රැඳී සිටීම හෝ දැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම හේතුවෙන් විඩාව ඇති විය හැකි අතර, එවැනි ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කිරීමෙන් තාප කැක්කුම් (Heat Cramps) ඇතිවීමේ අවදානමක් ද පවතී.

ඒ අනුව, ප්‍රමාණවත් තරම් ජලය පානය කර ශරීරයේ ජල මට්ටම පවත්වා ගැනීම, සෙවණ ඇති ස්ථානවල නිතර විවේක ගැනීම සහ එළිමහනේ සිදු කරන වෙහෙසකර ක්‍රියාකාරකම් සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනතාවට උපදෙස් දී තිබේ.

එමෙන්ම, සැහැල්ලු සහ ලා පැහැති ඇඳුම් භාවිත කිරීම, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම සහ දරුවන් වාහන තුළ තනිවම තබා නොයෑමට කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

හෙට හවස් ඉඳන් දිවයිනටම මහ වැසි - පහළ වායුගෝලයේ දැවැන්ත කැළඹිල්ලක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

හෙට හවස් ඉඳන් දිවයිනටම මහ වැසි - පහළ වායුගෝලයේ දැවැන්ත කැළඹිල්ලක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්

GalleryGallery