එජාපයේ නිවේදනයට විදේශ අමාත්‍යාංශයෙන් පිළිතුරු නිවේදනයක්
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් හෝ ආරක්ෂාවක් ලබා නොදුන් බව කියමින් එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ප්‍රතිචාර දක්වා ඇති බව වාර්තා වේ.
ඒ මිහින්තලය මිහිඳු මහ සෑ රදුන්ගේ කොත් වහන්සේ නිරාවරණ පූජෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනි සුපජී සුතුම්පුන් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක් බව සඳහන් කරමින්.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ ප්‍රකාශක සහ මහජන රාජ්‍ය තාන්ත්‍රික අංශයේ අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකර ඇති බව සඳහන්.
ඒ අනුව අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ තායිලන්ත පාර්ශ්වයේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකා රජය විසින් අදාළ පෞද්ගලික සංචාරය වෙනුවෙන් සුදුසු දූත පිරිස් ආචාරධර්ම සහ නිසි රාජ්‍යතාන්ත්‍රික අනුග්රහයන් පමණක් ලබා දී ඇති බවයි.
එමෙන්ම මෙහිදී බෞද්ධ බැතිමතුන් පිරිසක් සමඟ එක්ව මිහින්තලේ රජමහා විහාරයේ පැවති පූජෝත්සවයක් සහ ධාතු තැන්පත් කිරීමේ ආගමික උත්සවය වෙනුවෙන් සහභාගී වීම සිදුව ඇති බව සඳහන්.
අද හෙට සහ අනිද්දා යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශවලට දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්.. කපන වේලාව මෙන්න
එබැවින් මෙම සංචාරය ඉහත සඳහන් ආගමික උත්සවයට පමණක් සීමා වූ පෞද්ගලික එකක් වන බැවින්, ඇයගේ දූත පිරිස තුළ වෙනත් නිලධාරීන් කිසිවෙකු ඇතුළත් වී නොමැති බව ද අඳාළ නිවේදනයේ දැක්වේ.
එසේම ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් තායිලන්ත තානාපති කාර්යාලයේ ඉල්ලීම මත වී.අයි.පී. (VIP) විවේකාගාර පහසුකම් සහ ඊට අදාළ මූලික ආචාරධර්ම පමණක් පිරිනමා තිබෙන බව සඳහන්.
ඊට අමතරව ඇය මීට පෙර අවස්ථාවලදීද මෙවැනි ආගමික කටයුතු සඳහා පෞද්ගලිකව මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.