උලපනේ සුමංගල හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 4ක ප්රකාශයක් සටහන් කරගනී
පූජ්ය උලපනේ සුමංගල හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් විසින් පැය 4ක පමණ කාලයක් තිස්සේ ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.
විහාරමහාදේවී උද්යානයේ පැවැති සත්යග්රහය අතරතුරදී බලංගොඩ කස්සප හිමියන්ට පොලීසිය පහරදුන් බවට උලපනේ සුමංගල හිමියන් විසින් සිදුකළ ප්රකාශයට අදාළව මෙම ප්රකාශය සටහන් කරගෙන ඇත.
උන්වහන්සේ සේවය කරනු ලබන නාරහේන්පිට ඩඩ්ලි සේනානායක විද්යාලීය පරිශ්රයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ මෙම ප්රකාශය ලබාගෙන තිබේ.