ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
ජාතික පාසල් සහ පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්රීසි මාධ්ය ගුරු පුරප්පාඩු පුරවා ගැනීමට පවත්වන ලද තරග විභාගයේ ප්රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇතත් ඒ පිළිබඳව මේ වන විට පැනනැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්යාංශය පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්යාංශයේ අතිරේක ලේකම් ඒ.ජේ.එස්.එස් එදිරිසූරිය මහතා සඳහන් කර ඇත්තේ, මෙම තනතුරු 23,600ක් සම්පූර්ණ කිරීමට අනුමැතිය ලබාගෙන තිබෙන අතර, ගුරු සේවා ව්යවස්ථාවට අනුව පුරප්පාඩු සංඛ්යාව මෙන් දෙගුණයක් එනම් අයදුම්කරුවන් 46,012ක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිය යුතු බවයි.
එහෙත් මූලිකව නිකුත් කළ ලේඛනයේ නම් 17,688ක් පමණක් අඩංගු වීම සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුවට නිල ලෙස මෙසේ පැහැදිලි කිරීමක් සිදු කරන බව ඔහු සඳහන් කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ, මෙම 17,688ක අයදුම්කරුවන් පිරිස තුළ එක් අයෙකුට විෂයන් කිහිපයක් සඳහා මෙන්ම ජාතික හා පළාත් පාසල් ලෙස අවස්ථා හිමි වී ඇති බැවින්, එම සංඛ්යාව බැලූ බැල්මට අඩු බවක් පෙනුනද විෂයයන් අනුව අවශ්ය වන සම්මුඛ පරීක්ෂණ නියෝජනය සහ පුරප්පාඩු ආවරණය වන ආකාරය වෙනස් වන බවයි.
උදාහරණයක් ලෙස, විෂයන් අටටම සමත් සීමිත පදමේ (රාජ්ය සේවයේ නියුතු) උපාධිධාරීන් 192ක් හරහා පමණක් පුරප්පාඩු 1536ක් ආවරණය වන අතර, ජාතික හා පළාත් මට්ටමින් අයදුම්කරුවන් විෂයන් කිහිපයක් සඳහා සුදුසුකම් ලැබීම නිසා සේවා ව්යවස්ථාව අපේක්ෂා කරන දෙගුණයේ නිරීක්ෂණය සපුරා ගැනීමට හැකි වී ඇත.
කෙසේ වුවද පළාත් අනුව විෂය සංකලන 41කට කිසිදු අයදුම්කරුවෙක් සුදුසුකම් ලබා නොමැති වීම සහ තවත් විෂය සංකලන 124කට අවශ්ය ප්රමාණයට ප්රමාණවත් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් නොමැති වීම හේතුවෙන් යම් පුරප්පාඩු ප්රමාණයක් ඉතිරි වී තිබෙන අතර, මේ සියලු කරුණු සහ විෂය සංකලන එකතු වීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණය වෙනුවෙන් නියමිත 46,018කට ආසන්න අයදුම්කරුවන් ප්රමාණයක් සුදුසුකම් ලබා තිබෙන බව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්
අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,