මහ විනාසයක් කරමින් තවත් බිහිසුණු අනතුරක් - මෝටර් රථයක් තවත් වාහන දෙකක ගැටී මාර්ගය අසල සිටි කාන්තාවක් සහ දරුවෙකුත් යට කරයි

Report

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වට්ටක්කල්ලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් තවත් වාහන දෙකක ගැටී මාර්ගය අසල සිටි කාන්තාවක් සහ දරුවෙකු යට කර බිහිසුණු අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුර අද (19) පස්වරු 4.30ට පමණ මෙම සිදුව ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත මුන්දලම, බරලන්කට්ටුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යමින් සිටි රියදුරෙකු පැදවූ මෝටර් රථයක් බව සඳහන්.

එම මෝටර් රථය මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් මෝටර් රථයක ගැටී තිබෙන අතර, එම ගැටීමෙන් පසු මෝටර් රථය ටිපර් රථයක ද ගැටී ඇත.

ඉන්පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මවක් සහ දරුවෙකු යට කර හලාවත නගර නාම පුවරුවේ ද ගැටී නැවතී ඇත.

අකුරණ මාරක අනතුරෙන් 4ක් මරුට - තවත් පිරිසකට බරපතලයි තුවාල ලැබූවන් රෝහලට

අකුරණ මාරක අනතුරෙන් 4ක් මරුට - තවත් පිරිසකට බරපතලයි තුවාල ලැබූවන් රෝහලට

එසේම අනතුර සම්බන්ධ මෝටර් රථයේ රියදුරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙන අතර, එහිදී ඔහු මත්පැන් පානය කර සිටි බවට තොරතුරු වාර්තා වූ බව සඳහන්.

එමෙන්ම වාහනයේ තිබී මත්පැන් බෝතල් ඇතුළු මත්පැන් පානය කිරීමට යොදා ගන්නා ලද කෝප්ප සහ අනෙකුත් බීම වර්ගද පොලීසිය විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෝටර් රථය සහ එහි රියදුරු හලාවත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත අතර අනතුරින් තුවාල ලැබූ මව සහ දරුවා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම හලාවත පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල් චන්දන මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න

ලංකාවම කලාප 4ට බෙදයි - අදත් එක්ක දවස් තුනක් විදුලිය කපන්නේ මෙහෙමයි - අයිති කලාපය සහ වෙලාවන් මෙන්න

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්