රන්ජන් ජයලාල්ගේ ලීක් වෙච්ච් හඬ පටයේ ඇමති නලින්දත් පැටලේ
රටේ නීතියක් තියනවා ඒ නීතියට කාටත් සාධාරණව ක්‍රියාත්මක වෙන බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද(23) පැවති කැබිනට් රැස්වීමෙන් පසුව මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් මාධ්‍යවෙදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ;
"මම දැක්කා ඊට පස්සෙත් ඔහුව මාධ්‍ය විසින් ප්‍රශ්න කරනවා. ඔහුත් උත්තර ලබා දීලා තිබුණා. ඒකත් ඔය මාධ්‍ය ආයතන වලින් ප්‍රචාරය කරලා තිබුණා හොදම වැඩේ ඔබට හෝ දැනෙනවානම් නැත්නම් වඩා හොදයි දුරකථන ඇමතුම ගත්ත කෙනා හෝ මේ තර්ජනයට ලක්වූවායැයි කියන කෙනාට පොලිසිය හමුවට යන්න පුළුවන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් ඒක තමා වඩා සාධාරණ.
ඒ තර්ජනය පිළිබද දැනගන්නනම් ඒ සම්පූර්ණ හඬපටය අපි අහන්නට ඕනෑකම තියනවා. මොකද්ද වෙච්ච සංවාදය කියලා. සංවාදයේ කොටසක් අරගන දැන් ඔබයි මමයි සංවාදයක නිරත වුණාට පස්සෙ ඒකෙ තියන උද්වේගකාරීම කොටස අරගන යොදලා ඔබ මගෙන් අහනවා ප්‍රශනයක් වුණාද කියලා..
මට දැනගන්න පුළුවන් මේකෙන් ප්‍රශ්නයක් වුණාද කියලා. ඒකෙ හඬේ ප්‍රශ්ණයක් තියෙන්න පුළුවන් වචන වල ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නමුත් ඒ මොකද්ද ආවෙ කියන එක අපි බලමු.
රංජන් ජයලාල් නගරාධිපතිවරයත් කිව්වා ඒ හඬපටය සම්පූර්ණයෙන් එළියට දාන්න කියලා. ඒ සංවාදෙ හිටියෙ ඔහු සහ අනෙක් පැත්තනේ ඔහු කියනවනම් මේ දුරකථන සංවාදයේ තව දේවල් තියනවා එළියට දාන්න කියලා. අපි දන්නෑ කියපු දේ ඇතුළෙත් වචන එඩිට් කරලද එහෙමත් නැත්නම් මොනව හරි එකතු වුණාද කියන එක. නමුත් හොදම දේ තමයි එ ගැන අපි මොනා හරි කියනවට වඩා රටේ නීතියක් තියනවා ඒ නීතියට කාටත් සාධාරණව ක්‍රියාත්මක වෙනවා. ඒ අයට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න"