අසහය රංගන ශිල්පී නලින් ප්‍රදීප්ගේ කලා ගමනේ තතු
ශ්‍රී ලංකාවේ කලාකෙත අස්වද්දන්නට දැයේ පිනට පහළ වූ අති දක්ෂ සොඳුරු කලාකරුවකු ලෙසට නලින් ප්‍රදීප් උඩවල මහතා හැඳින්විය හැකිය.
1969 මාර්තු මස 20 වනදා උපන් ඔහු ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රය තුළ නොමැකෙන මතක සටහනක් තබන ලදි.
බොහෝ සිනමා නිර්මාණ,වේදිකා නාට්‍ය,ටෙලි නිර්මාණ තුළින් තම රංගන කුසලතාවය මොනවට පිළිබිඹු කරන ලදී. ඔහු තම සිනමා ගමන ආරම්භ කරනු ලැබුවෙ ජුලියට්ගේ භූමිකාව නම් සිනමා නිර්මාණයෙනි. ඉන්පසුව රාජ්‍ය සේවය පිණිසයි, අස්වැසුම, ආසයි මං පියාඹන්න, වලාපටල, මුතු සළඹ, පරාවර්තන, මධුර චාරිකා, සංගිලි ආදී සිනමා නිර්මාණ සඳහා ඔහු තම රංගනයෙන් දායකත්වය දක්වා ඇත.
ඒවගේම ඒ චිත්‍රපට සඳහා සරසවි සම්මාන පවා හිමි කරගන්නට හැකියාව ලැබූයේ ඔහු සතු නිසග රංගන හැකියාව නිසාවෙනි.
ඒ වගේම වේදිකා නාට්‍ය තුළද තම නොමැකෙන නාමය ඔහු සනිටුවහන් කර ඇත. ඒ ජූරිය, අන්දරේලා, කැළණි පාලම, මෝදර මෝල, සුද්දෙක් ඔබ අමතයි, හුණු වටේ කතාව,මී හරක් වැනි වෙදිකා නාට්‍ය තුළ තමන්ටම ආවේනික රංගන කෞශල්‍යයකින් ප්‍රේක්ෂකයන් පිනවමිනි.
ඔහුට බොහෝ ප්‍රේක්ෂක ආදරයක් පුංචි තිරයෙන් ලැබුණි.ඔහුගේ සරල නිර්වාජ රංගනය හේතු කරගෙන ප්‍රේක්ෂක සිත් සතන් තුළ නොමැකෙන චරිත රාශියකට රංගන දායකත්වය දෙන්නට ඔහු සමත් විය.
අකුරු මැකී නෑ,බට්ටි, පබා,වසන්තය ඇවිල්ලා,දිය ගිනි සිළු, මකුළු දැල් ,සත්ගුණාකාරය,කෝලම් කුට්ටම අමන්දා, කිදුරු අඩවිය,නිසලවිල,ප්‍රකම්පන,සමනළ සිහිනය ආදී වූ මෙම නිර්මාණවල චරිතයන්ට බොහෝ ප්‍රේක්ෂකයන් ඇලුම් කරයි.ඇතැම් ටෙලි නාට්‍ය වීකාශය වී වසර ගණනක් ගත වුවද ප්‍රේක්ෂක චිත්ත සන්තානය තුළ තවමත් රැදී පවතී. ඇතැම් නිර්මාණයන්ට සුමති සම්මාන පවා හිමි විය.
වේදිකාව,සිනමාව,පුංචි තිරය යන සියල්ලම ජයගත් විශිෂ්ටයන් සිටින්නේ අතලොස්සකි.ඒ අතර නලින් ප්‍රදීප් උඩවල යන නාමය සදා නොමැකෙන නාමයක් වී අවසන්ය.
ශ්‍රී ලංකීය දේශපාලනය තුළද ඔහු කැපී පෙනෙන චරිතයක් වෙයි. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස කලක් ඔහු කටයුතු කරන ලදි.
මෙලෙස විවිධ අයුරින් කලාවට,රටට ,සමාජයට සේවය සේවයක් කරන්නට ඔහු නිරන්තරයෙන් කැපවුණි. නමුත් අවාසනාවන්ත ලෙස ඔහු අදදින අපෙන් සදහටම සමුගෙන ගොසිනි. ඔහුට මිය යන විට වයස අවුරුදු 56 කි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය කලා ඉතිහාසය තුළ නොමැකෙන මතක සටහනක් තබන්නට ඔහු සමත් වී ඇත. තවත් සුවහස් කාලයක් යනතුරු ඔහුගේ සොඳුරු සිනහව අපූරු රංගන කෞශල්‍ය ප්‍රේක්ෂකයන්ට අමතක නොවනු ඇත.
ඉතින් අපූරු අව්‍යාජ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව.