බහාලුම් පෙට්ටියක් නිෂ්කාශනය කර දෙනවැයි පවසා අල්ලස් ගත් ලිපිකරු රිමාන්ඩ්
ව්‍යාපාරිකයකු විසින් විදෙස් රටකින් ගෙන්වන ලද බහාලුම් පෙට්ටියක් නිෂ්කාශනය කිරීම සඳහා කප්පම් ගත් රේගුවේ වාප්පු ලිපිකරුවෙකු ලබන (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම බහාලුම් බහාලුම් පෙට්ටිය නිෂ්කාශනය කිරීම සඳහා අදාළ ව්‍යාපාරිකයාගෙන් ඔහු රුපියල් දස ලක්ෂ හතළිස් පන්දහසකට ආසන්න මුදලක් ලබාගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා රේගුවේ සේවය නියුතු නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අලලස් කොමිසම කරන ලද දැනුම් දිමක් සලකා බලමින් එම නියෝගය නිකුත් කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුනේ හොරණ ප්‍රදේශයේ පදිංචි අජිත් අරුණ නැමැති ව්‍යාපාරිකයෙකි.