මිදිගම රුවන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල නායකයෙකු වන ‘රුවන් චාමර’ හෙවත් ‘මිදිගම රුවන්’ ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දී තිබෙනවා.
මෙරට මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සැකකරුගෙන් ප්‍රශ්න කිරීම අවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණයට දන්වා සිටියා.
ඒ අනුව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, අත්අඩංගුවේ සිටින මෙම සැකකරුගෙන් ඔක්තෝබර් 13 වනදා බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් නියෝග කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.