ආයි ලංකාවේ විදුලි අර්බුදයක් ඇති වෙයි ද? - රජයේ ස්ථාවරය මෙන්න

By Shehan Sep 23, 2025 10:43 AM GMT
Report

ශ්‍රී ලංකාවේ විදුලිබල අර්බුදයකට හෝ විදුලි කප්පාදුවකට රජය ඉඩ නොදෙන බව, විදුලිබල මණ්ඩල (CEB) සේවකයින්ගේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නොතකා, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (23) කැබිනට් රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේ, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

“රජය කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවකට ඉඩ නොදෙනවා. එවැනි දෙයක් සිදුවුවහොත්, නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අපි සූදානම්” යැයි ඔහු අනතුරු ඇඟවීය.

ආණ්ඩුවේ හිලක් තියෙනවා ඒක හොයලා වහගන්න අපිට චණ්ඩිකම් දාගෙන එන්න එපා

ආණ්ඩුවේ හිලක් තියෙනවා ඒක හොයලා වහගන්න අපිට චණ්ඩිකම් දාගෙන එන්න එපා

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත නොකළහොත් ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන බවත්, “මහජනතාවට සහන ලබාදීම සඳහා මෙම ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍යයි. පසුගිය රජය 50%කින් සේවකයින් පහකර විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කළා. නමුත් අපි එය ආයතන හතරකට බෙදා රාජ්‍ය ආයතන ලෙස පවත්වාගෙන යනවා” යැයි ඔහු පැවසීය.

විදුලිබල මණ්ඩලය කාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් බවට පත්කර මහජනතාවට සහන සැලසීම රජයේ ඉලක්කය බවත්, පෞද්ගලීකරණය කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඔහු පැහැදිලි කළේය.

රටේ ජනතාව කෙසේ වෙතත් 159ය පෝසත් වෙලා - නාමල් සැරටම අමතයි

රටේ ජනතාව කෙසේ වෙතත් 159ය පෝසත් වෙලා - නාමල් සැරටම අමතයි

“කිසිදු සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීමට අපට සැලසුමක් නැහැ. ඉවත්වීමට කැමති සේවකයින්ට ප්‍රමාණවත් වන්දි ලබාදීමට අපි සූදානම්. වෙනස්කම්වලට එකඟ නොවන අයට ඉවත්වීමේ අවස්ථාව තිබෙනවා,” යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව විදුලිබල සේවකයින්ගේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් ඇතිවිය හැකි විදුලිබල අර්බුදයක් පිළිබඳ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කළේය.

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ