විදුලිබල සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීමේ ගැසට්ටුව හෙට පාර්ලිමේන්තුවට
විදුලිබලය සැපයීම හා ඒ ආශ්‍රිත සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 සැප්තැම්බර් 21 වැනිදා නිකුත් කරන ලද අංක 2454/68 දරන අති විශේෂ ගැසට් නිවේදනය, අනුමැතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසන පරිදි, අද (23) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබීය.
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ නිකුත් කෙරුණු මෙම ගැසට් පත්‍රයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය, හෙට දින විවාදයකින් තොරව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.