ජනාධිපති නම් කර පාර්ලිමේන්තුව අනුමත කල පත් කිරීමක් අධිකරණයට අවලංගු කල හැකිද? - අධිකරණ බලය ගැන ජනපති ප්‍රශ්න කරයි?

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka Presidential Election 2024
By Wayomi Jul 29, 2024 01:04 PM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග පවසනවා.

ටෙලිකොම් හා මොබිටෙල් වල වටිනාකම මෙන් නව ගුණයක් e Visa වංචාව සිදු වූ හැටි.

ටෙලිකොම් හා මොබිටෙල් වල වටිනාකම මෙන් නව ගුණයක් e Visa වංචාව සිදු වූ හැටි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල යොදා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මෙලෙස සුදානම් වන බවත්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එම තනතුරේ කටයුතු කිරීම වළකාලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුව වී ඇති බවත්, ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ දෙදෙනා මොකටද මේ පැටලෙන්නේ.? - නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි. - පොලිසිය ගත් තීරණය මෙන්න.

මේ දෙදෙනා මොකටද මේ පැටලෙන්නේ.? - නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි. - පොලිසිය ගත් තීරණය මෙන්න.


එමෙන්ම ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවයේ තිබෙන පුරප්පාඩුවක් සඳහා සුදුසු බවට නම් කරනු ලැබූ අපේක්ෂකයකු අනුමත කිරීම සඳහා ඡන්ද වීමසීමක් පවත්වන විට, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු එම ඡන්ද වීමසීමට නොපැමිණීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හෝ එම අපේක්ෂකයා අනුමත කිරීමක් ද, එසේත් නැති නම් ප්‍රතික්ෂේප කිරීමක් ද යන්න පිළිබඳව අර්ථ නිරූපණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට නියමිත බව ද සඳහන්.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු දෙක සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගනු ඇති බවත්, නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රම සිංහ මහතාගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරෙනු ඇති බවත්, ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

ඒ අනුව, ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියේ උප වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබා දීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

පිරිසකට පඩි වැඩි වෙයි. - පඩි වැඩි නොකරන සමාගම් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය.

පිරිසකට පඩි වැඩි වෙයි. - පඩි වැඩි නොකරන සමාගම් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය.