බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්.. රටේම ව‍යරල් යන වස්කවියෙන් ආණ්ඩුව භීතියට.. ලියපු කෙනා සොයා පරීක්ෂණ?

Report

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති වස් කවියක් සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි ලෙස කලබලයට පත්ව, එය රචනා කළ පුද්ගලයා සොයා පරීක්ෂණ පවත්වන තත්ත්වයකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කරන බව සඳහන්.

ඒ අනුව පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු පෙන්වා දී ඇත්තේ, අසත්‍යය ප්‍රචාරය කරමින් ජනතාව මුළා කර බලය ලබාගත් වත්මන් පාලකයන්, අවසානයේ සාමාන්‍ය වස් කවියකට පවා බිය වී ඇති බවයි.

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

ඒ අනුව සමාජ මාධ්‍ය පුරාවට “බොරුවෙන් රජ වූ එකාට නැතිවෙන්නම තලාපන්” යනුවෙන් ප්‍රචලිත වන කවි පදයක් සභාව හමුවේ උපුටා දක්වමින් නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ, බලයට පත්වීමට බොරුව උපයෝගී කරගත්තේ නම් ඊට අදාළ දිට්ඨධම්මවේදනීය කර්මය මෙලොවදීම පඩිසන් දීම වැළැක්විය නොහැකි ස්වභාවික ධර්මතාවක් බවයි.

එමෙන්ම පාලකයන් මෙසේ කලබල වී ඇත්තේ බලය ලබාගැනීමට අපේක්ෂා කරන අයෙකු සම්බන්ධයෙන් නොව, දැනටමත් බොරුවෙන් රජවී සිටින පුද්ගලයන් පිළිබඳ සත්‍යය අනාවරණය වීම හේතුවෙන් බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මෙවැනි නිර්මාණ සිදුකරන පුද්ගලයන් පසුපස හඹා යමින් පරීක්ෂණ පැවැත්වීම මඟින් ආණ්ඩුවේ පවතින බියගුලු සහ අස්ථාවර ස්වභාවය මැනවින් ප්‍රදර්ශනය වන බවද වැඩිදුරටත් අවධාරණය කළ බව සඳහන්.

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න