නාමල් යළි ගමින් ගමට - ලබන සතියේ සිට සියල්ල යළි අරඹන බවට දැනුම්දීමක්
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කළේ අද(21) දින පාර්ලිමේන්තුවේදී එහි ජාතික කැඳවුම්කරු ඩී.වී චානක හා පාර්ලිමේන්ති මන්ත්රී චානක මාදුගොඩ සමඟ පැවති සාකච්ඡාවකදීයි.
එසේම එහිදී නාමල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත් ඔවුන් මර්දනය තුළින් රට පාලනය කිරීමට කටයුතු කරන බවත් ය.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
එබැවින් ගමින් ගමට ගොස් මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව දැනුවත් කරන ලෙසද ඔහු පවසා ඇත.
එමෙන්ම ආසන සංවිධායකවරුන් ගමින් ගමට රැස්වීම් කඩිනමින් පවත්වන ලෙසට තමාගෙන් දැඩි ඉල්ලීම් කරන බව ද ඔහු කියා ඇත.
එසේම මේ වන විට උද්ධමනය 8%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් පවසන ඔහු ගල් අඟුරු කන්ටේනර් හැකර් පැනීම පිළිබදව මෙන්ම මහා සංඝරත්නය හා බෞද්ධයන් පෙළා දමන මේ ආණ්ඩුවට එරෙහිව ගමින් ගමට ගොස් දැනුවත් කරන බවත් පවසා ඇත.
සියල්ල උඩුයටිකුරු වෙයි - හූති කැරළිකරුවන්ගේ මිසයිල සහ ඩ්රෝන ප්රහාර මැද සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණය