කළුතර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් - නිලධාරින් විසින් අහසට වෙඩි තබයි

Report

කළුතර බන්ධනාගාරයට පිටත සිට ඇතුළට පාර්සල කිහිපයක් විසිකිරීමට තැත් කළ පුද්ගලයෙකු පලවා හැරීමට බන්ධනාගාර නිලධාරීන් අද (21) පස්වරුවේ අහසට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

බන්ධනාගාරයේ ආරක්ෂක කුළුණුවල සිටි නිලධාරීන් අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන්නද, එම පුද්ගලයා විසින් පාර්සල බන්ධනාගාරය තුළට විසිකිරීමත් සමග නිලධාරීන් මෙලෙස අහසට වෙඩි තබා ඇත.

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

වෙඩිතැබීමත් සමග සැකකරු පළාගොස් ඇති අතර, ඔහු විසිකරන ලද පාර්සල් දෙකක් බන්ධනාගාර භූමිය තුළට පතිත වී තිබේ.

අදාළ පාර්සල් පරීක්ෂා කිරීමේදී ඒ තුළ හෙරොයින් (කුඩු) සහ ගංජා තිබී හමුවී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. පළාගිය සැකකරු සොයා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්

පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්