“ඇය නම් සුපිරිම කෙනෙක්” - ප්රියංකා ගැන මේගන් තී ස්ටැලියන් කියූ කතාව
ජාත්යන්තර ගායිකා මේගන් තී ස්ටැලියන්, සුප්රසිද්ධ ඉන්දීය නිළි ප්රියංකා චොප්රා වික්ටෝරියාස් සීක්රට් විලාසිතා දැක්මේ වේදිකාවට පැමිණෙනු දැකීමට තමන් කැමැත්තෙන් සිටින බව පවසා තිබේ.
ප්රියංකාගේ රූමත් බව අගය කළ ඇය, විලාසිතා සන්නාමයේ “ඒන්ජල්” තනතුරට ඇය සුදුසු බවද සඳහන් කර ඇත. 2026 ඔක්තෝබර් 18 වැනිදා ලොස් ඇන්ජලීස්හි පැවති වික්ටෝරියාස් සීක්රට් විලාසිතා දැක්මේදී ඉදිරිපත් කිරීමක් කළ මේගන්, InStyle සඟරාව සමඟ පැවති සංවාදයකදී මේ බව පවසා තිබේ.
එහිදී එක් දිනකට වික්ටෝරියාස් සීක්රට් “ඒන්ජල්” කෙනෙකු ලෙස තෝරා ගැනීමට කැමති ජනප්රිය චරිතය කවුරුන්දැයි විමසූ විට ඇය ප්රියංකා චොප්රාගේ නම සඳහන් කර ඇත.
“මෑතකදී මා දුටු, ඉතාමත් රූමත් කෙනෙක් තමයි ප්රියංකා. ඇයට මීට පෙර වික්ටෝරියාස් සීක්රට් ඒන්ජල් පියාපත් ලැබී තිබෙනවාද කියලත් මම දන්නේ නැහැ,” යනුවෙන් මේගන් පවසා තිබේ.
ප්රියංකාට එවැනි අවස්ථාවක් මීට පෙර ලැබී නොතිබිය හැකි බවට සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූ පුද්ගලයා සඳහන් කළ අවස්ථාවේදීද මේගන් තම තේරීම වෙනස් කර නැත.
“මම අනිවාර්යයෙන්ම ඒ අවස්ථාව ප්රියංකාට ලබාදෙනවා. මොකද ඇය නම් සුපිරිම කෙනෙක්. වික්ටෝරියාස් සීක්රට් විලාසිතා දැක්මේ වේදිකාව ඇයව දැකිය යුතුයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා ඇත.
ප්රියංකාගේ ඉදිරි සිනමා කටයුතු මේ අතර, ප්රියංකා චොප්රාගේ ඉදිරි සිනමා කටයුතු අතර එස්.එස්. රාජමෞලිගේ Varanasi චිත්රපටය විශේෂත්වයක් ගනී. මහේෂ් බාබු සහ ප්රිත්විරාජ් සුකුමාරන් ද රංගනයෙන් දායක වන එම චිත්රපටය හරහා ඇය යළිත් ඉන්දීය සිනමාවට පැමිණීමට සූදානම් වෙයි.
ඇය අවසන් වරට රංගනයෙන් දායක වූ ඉන්දීය චිත්රපටය වූයේ 2019 වසරේ තිරගත වූ The Sky Is Pink චිත්රපටයයි. එසේම, ෆ්රෑන්ක් ඊ. ෆ්ලවර්ස් අධ්යක්ෂණය කළ The Bluff චිත්රපටයේද ඇය රංගනයෙන් දායක වූවාය. එය 2026 පෙබරවාරි මාසයේදී ප්රයිම් වීඩියෝ ඔස්සේ ප්රදර්ශනයට එක්විය.