අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තත්ත්වය භයානකයි - මේ ජනතාවට විශේෂ දැනුම්දීමක්
ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවා නිසා රාජාංගනය ජලාශයේ ජල මට්ටම ශීඝ්ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එබැවින් රාජාංගනය ජලාශයේ ජල මට්ටම පාලනය කර ගැනීමට අද (21) දින පෙරවරුවේ සිට ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
එසේම ජලාශයේ වාදොරටු 32 න් වාන්දොරටු දෙකක් අඩි 4'ක් බැගින්ද, වාන්දොරටු දෙකක් අඩි 3'ක් බැගින්ද, වාන්දොරටු දෙකක් අඩි 2'ක් බැගින්ද විවෘත කර ඇති අතර එමඟින් තත්ත්පරයට ඝණ අඩි 5228 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා මුදාහැරිම සිදු වන බව සඳහන්.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
ඒ අනුව රාජාංගන ජලාශය භාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව සඳහන් කරන්නේ අයහපත් කාලගුණික තත්ත්වය මත රාත්රීයේ වර්ෂාපතනය වැඩි වුවහොත් තවත් වාන් දොරටු විවෘත කරන බවයි.
එම නිසා රාජාංගනය ජලාශයේ පහළ කොටසේ කලා ඔය ආශ්රිතව පහත් බිම්මල ජනතාවට දැඩි අවධානයකින් සිටින මෙන් දන්වා ඇත.