පිරිසකට පඩි වැඩි වෙයි. - පඩි වැඩි නොකරන සමාගම් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය.

Government Employee Government Of Sri Lanka
By Wayomi Jul 29, 2024 06:16 AM GMT
Wayomi

Wayomi

Report

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට වතු සමාගම් දහයක් එකග වි ඇති බව ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසයේ සභාපති සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

පා.ම මහින්දානන්ද අලුත්ගමගේ ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් කම්කරු කොන්ග්‍රසය ආරම්භ කර වසර 18 ක් සපිරිම නිමිත්තෙන් (28) දින නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින්.

ආසියානු කුසලානය අතට ගත් මොහොතේ පිටිය මැදදී චමරිට ජනපතිගෙන් ආ කෝල් එක. ( සම්පූර්ණ වීඩියෝව)

ආසියානු කුසලානය අතට ගත් මොහොතේ පිටිය මැදදී චමරිට ජනපතිගෙන් ආ කෝල් එක. ( සම්පූර්ණ වීඩියෝව)


එමෙන්ම එම වැටුප ලබාදිම ප්‍රතික්ෂේප කරන වතු සමාගම් රජයට පවරාගෙන එම වැටුප ගෙවිමට හැකි වෙනත් සමාගම් වලට එම වතු පවරා දෙන බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබාදිමට තිරණය කල බවත්, නාවලපිටිය ප්‍රදේශයේ වතුකරයේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමටත්, වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල දැමිමට අවශ්‍ය කටයුතු තමන් විසින් සිදු කර ඇති බවයි මහින්දානන්ද අලුත්ගමගේ මෙහිදී කියා සිටියේ.

වාහන මිල 60%ක් දක්වා අඩු වෙයි? - මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.

වාහන මිල 60%ක් දක්වා අඩු වෙයි? - මුදල් අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.


වසර පහකට වරක් වතු කම්කරුවන් වෙත පැමිණෙන වතුකරයේ දේශපාලඥයින් විවිධ පොරොන්දු ලබාදෙමින් ජන්දය ලබාගෙන යන බවත්, ජන්දයෙන් අනතුරුව එසේ පැමිණි කිසිදු දේශපාලඥයෙකු එම පොරොන්දු ඉටු නොකලද තමන් ජන්දයේදි පොරොන්දු වු සියළුම දේවල් මේ වනවිට ඉටු කරමින් පවතින බවත මහින්දානන්ද අලුත්ගමගේ වැඩිදුරටත් සඳහන් කළා.

ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වෙයි. - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ තීරණයක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.

ඩිප්ලෝමාධාරීන්ට ගුරු වෘත්තිය අහිමි වෙයි. - අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ තීරණයක්. - අලුතෙන්ම කරන්න යන දේ මෙන්න.