හෙට හදිසි ජල කප්පාදුවක් - පැය 8ක් වතුර නැති වන ප්‍රදේශ මෙන්න

Report

 අනුරාධපුර ප්‍රදේශ කිහිපයකට හෙට (22) පැය 8ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ .

ඒ අනුව හෙට දිනයේ පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා එම ජල කප්පාදුව සිදුකරනු ලබයි.

අනුරාධපුර තුරුවිල ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් වඩාත් ගුණාත්මක ජල සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දීමේ අරමුණින් සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම් අත්හිටුවීම සිදුවනබව එම නිවේදනයේ සඳහන් වී තිබේ.

ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන ප්‍රදේශ ලෙස

විජේපුර ජල සම්පාදන ක්‍රමය -විජේපුර, පාලඩිකුලම, නෙළුම් කුලම සහ කවරක්කුලම.

නාච්චාදුව ජල සම්පාදන ක්‍රමය - නාච්චාදුව, හිදෝගම, තුරුවිල සහ නෙල්ලිකුලම.

තලාව ජල සම්පාදන ක්‍රමය - තලාව, ශ්‍රාවස්තිපුර සහ දෙකේ කණුව.

අඩු පීඩන තත්ත්වයක් අපේක්ෂිත ප්‍රදේශ අනුරාධපුර නගර අදියර II සහ අනුරාධපුර නගර අදියර III ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳව සිය කණගාටුව පළ කරන අතර  ජලය රැස් කරගන්නා ලෙසත්   එම ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි .  

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

එක්සත් ජාතීන්ගෙන් මුළු ලෝකයටම දැවැන්ත රතු එළියක් - ගෝලීය උණුසුම අංශක 2.8කින් ඉහළ යන ලකුණු

එක්සත් ජාතීන්ගෙන් මුළු ලෝකයටම දැවැන්ත රතු එළියක් - ගෝලීය උණුසුම අංශක 2.8කින් ඉහළ යන ලකුණු