ටෙලිකොම් හා මොබිටෙල් වල වටිනාකම මෙන් නව ගුණයක් e Visa වංචාව සිදු වූ හැටි.

Champika Ranawaka Sri Lanka Government Of Sri Lanka Sri Lanka visa
By Wayomi Jul 29, 2024 11:28 AM GMT
Wayomi

Wayomi

Report

පවුද්ගලික අංශයට විකිණීමට සුදානම් කොට ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හා ටෙලිකොම් ආයතනයේ කොටස් හිමි මොබිටෙල් ආයතනයේ වත්කම් නව ගුණයකින් ඉහළ දැමිය හැකි තරම් මුදලක් විද්‍යුත් වීසා ක්‍රමවේදය හරහා වෙනත් ආයතනයක ලබාදීමේ මහා පරිමාණ වංචාවක් සිදුවෙමින් පවතින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ මෙම විද්‍යුත් වීසා ක්‍රමවේදය අත්තනෝමතික ලෙස විදෙස් සමාගමකට ලබාදීමට එරෙහිව පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සුමන්තිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගොනුකරනු ලැබූ පෙත්සම් 3 29 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ ඊට පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.  

බිත්තරයක මිල පහලට.? - දේශීය බිත්තරයක මිල වෙනස් වුණේ මෙහෙමයි.

බිත්තරයක මිල පහලට.? - දේශීය බිත්තරයක මිල වෙනස් වුණේ මෙහෙමයි.


පිරිසකට පඩි වැඩි වෙයි. - පඩි වැඩි නොකරන සමාගම් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය.

පිරිසකට පඩි වැඩි වෙයි. - පඩි වැඩි නොකරන සමාගම් ගැන රජයෙන් ගත් විශේෂ තීරණය.


“IVS ආයතනයට වීසා නිකුත් කිරීමේ බලය ලබාදීම නිසා ඩොලර් 25.77 ඒ ආයතනයට ලැබෙන්න නියමිතව තියෙනවා. ඒ හරහා සිදුවෙන්න නියමිතව තියෙන මුදල් ගනුදෙනුව හා පාඩුව පිළිබඳව තමයි අපි මේ පෙත්සම් ගොනුකරේ. විශේෂයෙන්ම රජයට බහුතර කොටස් තියෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, මොබිටෙල් ආයතනය තමයි 2012 ඉඳන් මේ කටයුත්ත කළේ. ඒගොල්ලෝ ඩොලර් 1 කට තමයි මේ කටයුත්ත කරේ.

මේ දෙදෙනා මොකටද මේ පැටලෙන්නේ.? - නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි. - පොලිසිය ගත් තීරණය මෙන්න.

මේ දෙදෙනා මොකටද මේ පැටලෙන්නේ.? - නාමල්ට එරෙහිව බන්දුල පොලිසි යයි. - පොලිසිය ගත් තීරණය මෙන්න.

ආසියානු කුසලානය අතට ගත් මොහොතේ පිටිය මැදදී චමරිට ජනපතිගෙන් ආ කෝල් එක. ( සම්පූර්ණ වීඩියෝව)

ආසියානු කුසලානය අතට ගත් මොහොතේ පිටිය මැදදී චමරිට ජනපතිගෙන් ආ කෝල් එක. ( සම්පූර්ණ වීඩියෝව)


අද ශ්‍රී ටෙලිකොම් එකේ රජයේ කොටස් පුද්ගලික අංශයට ලබාදීමේ උත්සාහයක් තියෙනවා. මොබිටෙල් ආයතනය 2023 අගෝස්තු මාසෙදි මේ කටයුත්තම කිරීම සඳහා, යෝජනාවක් බාරදීලා තිබියදී තමයි මේ පිටස්තර කණ්ඩායමකට ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් මෙය ලබා දීලා තියෙන්නේ. අද ශ්‍රී ලංකා ටෙලිකොම් අපට වාර්තා වෙන විදියට ඩොලර් මිලියන 200 ක් වගේ ඉතාම අඩු ගාණකට තමයි තක්සේරු කරලා තියෙන්නේ ඒකේ වටිනාකම. ඇත්තටම ඒක ඩොලර් මිලියන 800 ක් විතර වටින තැනක්. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අදාළ වත්කම් ගත්තම විශේෂයෙන්ම Marine Cable පහක් සහිත පද්ධතියක් එක්කම තියෙනවා. ඉතින් මේ ගනුදෙනුව තිබුනනං ඇත්තටම මොබිටෙල් ආයතනයේ වටිනාකම නමගුණයකින් ඉහළ යනවා. ඒගොල්ලන්ගේ වත්කම් ප්‍රමාණය නම ගුණයකින් ඉහළ ගිහිල්ලා වඩා හොඳ ආයතනයක් හැටියට ශක්තිමත්ව ඉදිරියට යන්න තිබිච්ච අවස්ථාවත් මේ ගනුදෙනුව හරහා නැති කරලා තියෙනවා. මේක රටේ සිදු වෙච්ච විශාලතම වංචාවක්. ඒක ගැන අපි කරුණු දක්වනවා. අපි එදත් එදත් කළ පරිදි අවුරුදු 16 කාලයක් ඇතුලත ඩොලර් මිලියන 2.7 වැඩි මුදලක් එක්තරා සමාගමකට ගමන් කරනවා. ඒ සමාගම IVS කියන ආයතනයක් නෙමෙයි. මේ සඳහාම යොදාගත්ත ආයතනයක් තමයි අපි සැක කරන්නේ. සුමන්දිරන් මහත්මයා උසාවියේ අපේ විනිසුරුවන්ටත් ප්‍රකාශ කළා. අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්පූර්ණයෙන්ම බේරගන්න තරම් විශාල ධනයක්. ඒ වගේම මොබිටෙල් ආයතනය හා ටෙලිකොම් ආයතනයේ වර්තමාන වත්කම් ප්‍රමාණය නව ගුණයකින් ඉහළ දාන්න තරම් ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තමයි ඒ වෙනත් සමාගමකට යන්නේ. මේක විශාලම වංචාවක්.”

සතිකට පසු රන් මිල පහලට.

සතිකට පසු රන් මිල පහලට.