මුළු ලංකාවටම අසුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු රටම වලපල්ලට

Report

2026 අගෝස්තු මාසයේදී 8.1%ක් ලෙස වාර්තා වූ මෙරට ජාතික පාරිභෝගික උද්ධමන අනුපාතය, 2026 සැප්තැම්බර් මාසයේදීද කිසිදු වෙනසක් නොවී 8.1%ක මට්ටමක පවතින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

අද දින නිකුත් කරන ලද සැප්තැම්බර් මාසය සඳහා වන ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව, සමස්ත උද්ධමන අනුපාතය ස්ථාවරව පැවතුණද ප්‍රධාන අංශ දෙකෙහි යම් ප්‍රතිවිරුද්ධ ගමන් මගක් දක්නට ලැබේ.

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

2026 අගෝස්තු මාසයේදී 6.6%ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 6.9%ක් දක්වා සුළු ඉහළ යෑමක් පෙන්නුම් කරන අතර, අගෝස්තු මාසයේදී 9.3%ක් ලෙස පැවති ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සැප්තැම්බර් මාසයේදී 9.1%ක් දක්වා මඳක් පහළ ගොස් ඇත.

සමස්ත උද්ධමනය වෙනස් නොවී පැවතුණද, ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ එදිනෙදා ජීවන වියදම කෙරෙහි එය සෘජු බලපෑමක් එල්ල කර ඇති බව සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දෙයි.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට