සුරේෂ් සලේට එරෙහි නඩුව නොවැම්බර් 25 දක්වා කල් යයි
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගෙන ප්රශ්න කරනු ලබන රාජ්ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේට එරෙහිව පවරා ඇති නඩුව නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (21) නියෝග කළේය.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ පළමු සහ දෙවන සැකකරුවන් ලබන නොවැම්බර් 04 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරිණි.
සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් තිදෙනා 'Zoom' තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ පසුගියදා කොළඹ ත්රිපුද්ගල මහාධිකරණයේදී පාස්කු මහ නඩුවේ තීන්දුව ලබාදුන් අවස්ථාවේ එහි සිටි විත්තිකරුවන් තිදෙනෙකු "අපි හිරේ ගියාට, මේකට සම්බන්ධ තවත් පිරිස් ඉන්නවා" යනුවෙන් කරන ලද ප්රකාශ පිළිබඳව සොයා බැලීමට නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන ලෙසයි.