ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට වියළි කාළගුණයක් පවතින ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඔක්තෝම්බර්, නොවැම්බර් මාස වලදී බලාපොරොත්තු විය හැකි බව සඳහන් කරයි.
ඒ අනුව මාස හතරකට ආසන්න කාලයක් පැවති දැඩි නියගය නිමාකරමින් මොණරාගල නගරයට සහ ඒ ආසන්න ප්‍රදේශ රැසකට ඊයේ (10) දින පස්වරුවේ සාමාන්‍ය වර්ෂාපතනයක් පතිත විය.
එසේම පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව, මේ වන විට කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තයන්ට පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම උතුරු මැද, නැගෙනහිර පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය ,මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එවැනි පසුබිමක ඊයේ දිනය වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 135,037දෙනෙකු පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණා.
කෙසේ වෙතත් ප්‍රදේශ කිහිපයකට පතිත වූ වර්ෂාව හේතුවෙන් මෙම සංඛ්‍යාව පහළ ගොස් ඇති බව සඳහන්.