අර්තාපල් මිල බැසීමෙන් අසරණ වූ ගොවීන්ට රජයෙන් විසඳුමක් - සතොස හරහා මිලදී ගැනීම් ඇරඹෙයි
දේශීය අර්තාපල් ගොවියා ආරක්ෂා කරමින් ඔවුන්ගේ අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින්, සතොස ජාලය හරහා අර්තාපල් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත .
ඒ අනුව, ගොවීන්ගෙන් අර්තාපල් කිලෝග්රෑමයක් රුපියල් 220ක තොග මිලකට මිලදී ගැනීමට සතොස කටයුතු යොදා තිබේ.
මේ දිනවල වැලිමඩ සහ ඌව පරණගම ප්රදේශවල යල කන්නයේ අර්තාපල් අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතින අතර, පසුගිය දිනවල තොග මිල රුපියල් 160 – 180 දක්වා පහත වැටීම නිසා ගොවීහු දැඩි අසරණභාවයකට පත්ව තිබුණි .
බදුල්ල දිස්ත්රික් ලේකම්වරයා විසින් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා වෙත කරන ලද ඉල්ලීමකට අනුව, රජයේ ක්ෂණික මැදිහත්වීම මත මෙම මිලදී ගැනීමේ ක්රියාවලිය ක්රියාත්මක කර තිබේ.
සතොස ආයතනයේ මෙම මැදිහත්වීමත් සමඟ මේ වන විට දේශීය අර්තාපල් සඳහා පවතින තොග මිල ද ඉහළ ගොස් ඇත