සාම්ප්‍රදායික දේශපාලනයෙන් ජයගන්න බෑ UNP සහ සජබ එකතු වුණත් දිනන්නේ නැහැ - රනිල් වික්‍රමසිංහ

Report

වර්තමාන පක්ෂ දේශපාලනය තුළ සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බවත්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වූ පමණින් ජයග්‍රහණයක් අත්කරගත නොහැකි බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (30) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි දේශපාලන ජයග්‍රහණ අත්කර ගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් බැහැරව පක්ෂයේ පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ නව ප්‍රතිරූපයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

විශේෂයෙන්ම අනාගත ඡන්දදායකයන් වන මිලියන 8කට ආසන්න Gen Z සහ මිලේනියල් තරුණ පරපුර පක්ෂය සමග එකතු කරගැනීම ඉදිරි ගමනට තීරණාත්මක වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

නව පරපුරේ සහභාගිත්වය සහ අලුත් ඡන්දදායකයන් දිනාගැනීම තොරව කිසිදු දේශපාලන පක්ෂයකට ඉදිරියට යා නොහැකි බවත්, සාම්ප්‍රදායික ක්‍රමවේද අතහැර පක්ෂයේ අලුත් ගමනක් ආරම්භ කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි