'දිට්වා' සුළි කුණාටු හානි වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සමටදින

Report

'දිට්වා' සුළි කුණාටුව පිළිබඳව කාලගුණ අනාවැකි පළවී තිබියදීත් ඉන් සිදුවූ හානි අවම කරගැනීමට නිසි පියවර නොගැනීමෙන් රජය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ ප්‍රතිවිරෝධතා පෙබරවාරි මස 12 වනදා ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියම කළේය.

මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව නීතිපතිවරයා විසින් මූලික විරෝධතා ගොනුකර ඇති බවයි.

ඒ අනුව ඊට අදාළ ප්‍රතිවිරෝධතා වේ නම් ඒවා පෙබරවාරි 12 වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේය.

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලබා සිටිති.