'ඇග්‍රිකනෙක්ට්' ශ්‍රී ලංකා ඒකාබද්ධ සැලැස්ම එළිදක්වයි - 2027-2031 රාජ්‍ය ආයෝජනවලින් රුපියල් ට්‍රිලියන 8.3ක් නිෂ්පාදන ආර්ථිකයකට

Report

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය ඔස්සේ නවීකරණය කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් 'ශ්‍රී ලංකා ඇග්‍රිකනෙක්ට් ඒකාබද්ධ සැලැස්ම' එළිදැක්වීමේ විශේෂ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (30) කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය, ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදල එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් සුළු පරිමාණ කෘෂිකර්මාන්තය පරිවර්තනය කිරීම, රැකියා උත්පාදනය සහ ගෝලීය ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, 2027–2031 රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ වෙන් කර ඇති රුපියල් ට්‍රිලියන 17.5ක මුදලින් ට්‍රිලියන 8.3ක්ම නිෂ්පාදන පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීමට වෙන්කර ඇති බවයි.

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම, තාක්ෂණය හා නවෝත්පාදන එක්කිරීම තුළින් මෙරට කෘෂිආහාර ක්ෂේත්‍රය වඩාත් ඵලදායී සහ තරගකාරී ආර්ථිකයක මාර්ගය බවට පත්කිරීමට රජය කැපවී සිටින බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වැවිලි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, IFC ආසියා සහ පැසිෆික් කලාපීය උප සභාපති සර්වේෂ් සූරි, IFAD ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෂෙරිනා තබස්සුම් යන මහත්ම මහත්මීන් ඇතුළු සංවර්ධන හවුල්කාර ආයතනවල නියෝජිතයෝ සහ ගොවි සංවිධාන රැසක් සහභාගී වූහ.

උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න

උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න