සියබාල වයස්කාර දැරියට අතවර කළ පියාට වසර 54 ක සිරදඬුවම්
වයස අවුරුදු 16ට අඩු සිය පස්සේ දියණිය ස්ත්රී දූෂණය කිරීමේ අපරාධයට වරදකරු වූ පියෙකුට චෝදනා තුනටම වෙන් වෙනම වසර 18 බැගින් සමස්තයක් ලෙස වසර 54ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 150,000ක දඩයක් නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරුවරයා ඊයේ (29) නියෝග කළේය.
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනය කර අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ මෙම නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කරමින්, චූදිත පියා නියම කළ දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට වසර බැගින් තවත් වසර 03ක සිරදඬුවම් විඳිය යුතු බව ද මහාධිකරණය නියෝග කළේය.
ඊට අමතරව, වින්දිත දැරිය වෙත රුපියල් 200,000ක වන්දි මුදලක් ගෙවීමට නියම කළ විනිසුරුවරයා, එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර 02ක සිරදඬුවම් විඳිය යුතු බව ද වැඩිදුරටත් නියෝග කර සිටියේය.
මෙම අවාසනාවන්ත සිදුවීමට අදාළව මෙම දැරියව ස්ත්රී දූෂණය කිරීම සහ මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් මවගේ අනියම් පුරුෂයාට එරෙහිව පානදුර මහාධිකරණයේ පැවැති නඩුවේදී ද ඔහු වරදකරු කරමින් වසර 30ක බරපතල සිරදඬුවම්, රුපියල් 8,000ක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් 500,000ක වන්දියක් ගෙවීමට පසුගිය 2024 ජූනි 24 වනදා නියෝග කර තිබිණි.