නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව අතර විශේෂ සාකච්ඡාවක්

Report

කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ කලාපීය උප සභාපති සර්වේෂ් සූරි මහතා ඇතුළු නියෝජිත පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (30) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය, උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති සක්‍රීය කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ සහාය ලබාගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයන් හි ප්‍රගතිය සඳහා අවශ්‍ය ආයෝජන හා මූල්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබේ.

සාම්ප්‍රදායික බැංකුකරණ ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් රටේ සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගත හැකි නව මූල්‍යකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු අතර, ආයෝජන අවස්ථා පුළුල් කරමින් මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට ද තීරණය විය.

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි