මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ පත්කෙරෙයි

Report

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.

මීට අමතරව එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්‍ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන සහ මහාචාර්ය ටී. ජයසිංගම් යන මහත්ම මහත්මීහු පත් කරනු ලැබ සිටිති.

උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න

උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සාමාජිකයන් වෙත භාරදෙන ලදී.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පූර්ව සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් පුරප්පාඩුව පැවති ධුර සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව මෙම නව පත්කිරීම් සිදු කර ඇත.

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි