පිලිප්ස්ගේ පිත්තෙන් ඉන්දියාවට දැවැන්ත ප්රහාරයක් - නවසීලන්තය ලකුණු 87කින් ජය ගනී [HILIGHT VIDEO]
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති සිව්වැනි විස්සයි20 තරගයෙන් ලකුණු 87ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත්ව තිබෙනවා. පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 259ක් රැස් කළා.
එහිදී ග්ලෙන් පිලිප්ස් පන්දු 49කින් නොදැවී ලකුණු 107ක් ලබාගත් අතර, මයිකල් බ්රේස්වෙල් පන්දු 23කින් ලකුණු 65ක් රැස් කළා. පිලිප්ස්ගේ ඉනිමට හයේ පහර 10ක් ඇතුළත් වූ අතර, ඔහු සහ බ්රේස්වෙල් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 41කදී ලකුණු 115ක සබඳතාවක් ගොඩනැඟුවා.
හොංකොං ක්රිකට් වසන්තය ඇරඹෙයි - ශ්රී ලංකාවට ජයගෙනා විශේන් හැලඹගේගේ මතක හිටින ඉනිමෙන් බංග්ලාදේශය පරදියි [FULL HILIGHT
ලකුණු 260ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 172ක් පමණයි.
ඒ අනුව නවසීලන්තය ලකුණු 87ක ජයක් හිමිකර ගත්තා. ඉන්දීය ඉනිම ආරම්භයේදීම සංජු සැම්සන් සහ ඉෂාන් කිෂන් දවාගනිමින් ජේකබ් ඩෆී නවසීලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන්නා.
ඉන්දියාව වෙනුවෙන් තිලක් වර්මා ලකුණු 35ක් සහ නමන් ධීර් ලකුණු 28ක් රැස් කළා. පළමු තරග තුනම ජයගත් ඉන්දියාව තරගාවලියේ තවදුරටත් 3-1ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.