ශ්‍රද්ධා කපූර්ගේ නර්තනයෙන් හැඩවුණු ‘ඊතා’ - දුක් කම්කටොලු මැද ජීවිතය ජයගත් නර්තන ශිල්පිනියකගේ කතාව [VIDEO]

Report

බොලිවුඩ් නිළි ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන ‘ඊතා’ (Eetha) හි පූර්ව ප්‍රචාරක පටය (Trailer) එළිදක්වා තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ජනප්‍රිය ජන කලා ශිල්පිනියක වූ විතාබායි භාවු මෑන් නාරායන්ගාඔන්කර්ගේ (Vithabai Bhau Mang Narayangaonkar) ජීවිත කතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

ලක්ෂ්මන් උටේකාර් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ශ්‍රද්ධා කපූර් නිරූපණය කරන්නේ ලාවණි නර්තන කලාවෙන් සහ තමසා ජන රංග කලාවෙන් ජනප්‍රියත්වයට පත් වූ විතාබායිගේ චරිතයයි.

එළිදක්වා ඇති පූර්ව ප්‍රචාරක පටය තුළින් සාම්ප්‍රදායික ලාවණි ඇඳුමින් සැරසී විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ නර්තනයේ යෙදෙන ශ්‍රද්ධාගේ දර්ශන කිහිපයක්ම දැකගත හැකියි.

එමෙන්ම විශාල වේදිකා සැරසිලි, ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා සහ උද්‍යෝගිමත් නර්තන ඉදිරිපත් කිරීම් හරහා මහාරාෂ්ට්‍රයේ ජන කලා සංස්කෘතිය ද චිත්‍රපටයෙන් නිරූපණය කර තිබෙනවා.

‘රාමායණයේ’ ‘ජුඩි ජෝඩි’ ගීතය ගැන රසිකයන් අතර විවාදයක් - “ශ්‍රේයාගේ හඬද, චින්මයීගේ හඬද වඩාත් ලස්සන?”

‘රාමායණයේ’ ‘ජුඩි ජෝඩි’ ගීතය ගැන රසිකයන් අතර විවාදයක් - “ශ්‍රේයාගේ හඬද, චින්මයීගේ හඬද වඩාත් ලස්සන?”

කෙසේ වෙතත්, විතාබායිගේ ජීවිතය නර්තනයට සහ වේදිකා රංගනයට පමණක් සීමා වූවක් නොවන බවත්, ඇය මුහුණ දුන් පෞද්ගලික ගැටලු සහ අභියෝග රැසක් ද චිත්‍රපටයෙන් ඉස්මතු කර තිබෙනවා.

පූර්ව ප්‍රචාරක පටයේ එක් සංවේදී දෙබසකදී ශ්‍රද්ධා නිරූපණය කරන විතාබායි පවසන්නේ තමන් තුළ තිබූ විශ්වාසයම තම අභිමානය වූ බවත්, එම විශ්වාසය බිඳ වැටුණු විට සියල්ල අවසන් වූ බවත්ය.

එමෙන්ම ජීවිතයේ කෙතරම් බාධක පැමිණියත් නර්තනය අත්නොහැරීමට ඇය තුළ තිබූ අධිෂ්ඨානය ද මෙහිදී ඉස්මතු කර තිබෙනවා. තවත් කැපී පෙනෙන දෙබසකින් ඇය පවසන්නේ වැතිරී මියගියහොත් අසරණ කාන්තාවක ලෙස හඳුන්වනු ඇති නමුත් නර්තනයේ යෙදෙමින් මියගියහොත් අන් අයට ආදර්ශයක් වනු ඇති බවයි.

මේ අතර රන්දීප් හූඩා සහ මොහොමඩ් සීෂාන් අයුබ් ද චිත්‍රපටයේ චරිත නිරූපණය කරන අතර නානා පටේකාර් ඇතුළු නළු නිළියන් පිරිසක් ද ඊට එක්ව සිටිනවා.

චිත්‍රපටයේ තවත් විශේෂ අවස්ථාවකදී මහාරාෂ්ට්‍රයේ සාම්ප්‍රදායික ඇඳුමක් වන නවවාරි සාරිය පිළිබඳව විතාබායි සිය අභිමානය ප්‍රකාශ කරන ආකාරය ද දැකගත හැකියි.

විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා රගන Ranabaali චිත්‍රපටය තීරගතවිමට නියමිතයි - ''ටිකට් මිල වැඩි කරන කතාව බොරුවක්ලු''

විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනා රගන Ranabaali චිත්‍රපටය තීරගතවිමට නියමිතයි - ''ටිකට් මිල වැඩි කරන කතාව බොරුවක්ලු''

කවුද මේ විතාබායි?

විතාබායි භාවු මෑන් නාරායන්ගාඔන්කර් 1935 වසරේදී ඉන්දියාවේ පන්ධර්පූර් ප්‍රදේශයේ උපත ලබා ඇති අතර ඇය කුඩා කල සිටම ජන කලා ශිල්පීන්ගෙන් සමන්විත පවුල් පසුබිමක හැදී වැඩී තිබෙනවා.

මහාරාෂ්ට්‍රයේ තමසා සහ ලාවණි ජන රංග කලාව තුළ කැපී පෙනෙන නමක් දිනාගත් ඇයගේ ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් ලෙස වේදිකාවේ නර්තනයේ යෙදී සිටියදී දරු ප්‍රසූතියකට මුහුණදීම සැලකෙනවා.

වාර්තා වන පරිදි, එම අවස්ථාවේදී ඇය වේදිකාවෙන් පිටතදී දරුවා ප්‍රසූත කර නැවතත් රංගනයට එක්වීමට සූදානම් වී තිබෙනවා.

එහෙත් සිදුවීම දැනගත් ප්‍රේක්ෂකයන් ඇයට විවේක ගැනීමට අවස්ථාව ලබාදෙමින් ප්‍රසංගය නතර කරන ලෙස ඉල්ලා තිබෙනවා.

“සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ තමන්නාගේ අලුත්ම චිත්‍රපටයේ කිසිදු දර්ශනයක් කපා නැහැ” - තහනම් වනාන්තරයක ජනප්‍රවාදමය කතාවක්

“සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ තමන්නාගේ අලුත්ම චිත්‍රපටයේ කිසිදු දර්ශනයක් කපා නැහැ” - තහනම් වනාන්තරයක ජනප්‍රවාදමය කතාවක්

කෙසේ වෙතත් වේදිකාවෙන් පිටත ඇයගේ ජීවිතය එතරම් පහසු එකක් වී නැහැ. විවාහ ජීවිතයේදී දුෂ්කරතා රැසකට මුහුණදුන් ඇයගේ ආදායම පාලනය කිරීම සහ හිංසනයට ලක්වීම පිළිබඳව ද වාර්තා පළ වී තිබෙනවා.

ජීවිතයේ අවසන් කාලයේදී ආර්ථික දුෂ්කරතාවලට ද මුහුණදුන් විතාබායි 2002 ජනවාරි මාසයේදී මියගොස් තිබෙනවා.

එහෙත් ජන කලා ශිල්පීන් වෙනුවෙන් ඇය කළ සේවය ද විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. තමසා ශිල්පීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත්, ඔවුන්ට රජයේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට අවශ්‍ය සහාය ලබාදීමටත් ඇය කටයුතු කර තිබෙනවා.

චිත්‍රපටය ගැන තවත් තොරතුරු

මැඩොක් ෆිල්ම්ස් සහ කත්පුට්ලි ක්‍රියේෂන්ස් නිෂ්පාදනය කරන ‘ඊතා’ චිත්‍රපටය දෙසැම්බර් 4 වැනිදා සිට සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ශ්‍රද්ධා කපූර්ට අමතරව රන්දීප් හූඩා, මොහොමඩ් සීෂාන් අයුබ්, නානා පටේකාර්, සිද්ධාර්ත් ජාදව්, අනන්ත් ජෝෂි, අක්ෂරා සිං සහ උල්කා ගුප්තා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයේ සංගීත නිර්මාණය අජේ සහ අතුල් විසින් සිදුකර තිබෙනවා.

"සුපිරි තරු රජිනිකාන්ත්ගේ 'Jailer 2' නිසා ලෝකයම හොල්ලයි! ජපානය, ඩුබායි, ඇමෙරිකාව උත්සව භූමි වෙයි

"සුපිරි තරු රජිනිකාන්ත්ගේ 'Jailer 2' නිසා ලෝකයම හොල්ලයි! ජපානය, ඩුබායි, ඇමෙරිකාව උත්සව භූමි වෙයි