රටම සතුටු වුණ මන්නාරමේ ඉන්ධන සහ ගෑස් කැණීම තවත් විනාසයක්.. කතෝලික රදගුරු සමුළුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවට ඉන්ධන සහ ගෑස් ගවේෂණය සඳහා මන්නාරම් දූපත අවට බිම් කැණීම් පිළිබඳව තොරතුරු ලැබී ඇත.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව දන්වා ඇත්තේ, වැලි කැණීම් කටයුතු නිසා මන්නාරම් දුපතේ සිදුවන විශාල පාරිසරික හානිය පිළිබඳව ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ අවධානය යොමුව තිබෙන බවයි.
එමෙන්ම පාරිසරික වශයෙන් හානිදායක මෙම ක්‍රියාකාරකම් නිසා ජනතාව කලබලයට පත්ව ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්.
තවද එහි වැඩිදුරටත් දන්වා ඇත්තේ මෙම ක්‍රියාකාරකම් ආර්ථික සංවර්ධනය සඳහා වන ධනාත්මක මුලපිරීම් වුවත් නිසි පාරිසරික තක්සේරුවක් හෝ විනිවිඳභාවයකින් යුතුව මෙවැනි ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමක් වන බවයි.
එබැවින් එවැනි සංවර්ධන කටයුත්තකට පෙර ප්‍රදේශයේ ජනතා මතය තහවුරු කරගැනීමට නිසි මත විමසුමක් පැවැත්විය යුතු බවත්, ජනතාවගේ අයිතිවාසිකම් සහ ගරුත්වය ආරක්ෂාවීම සඳහා එවැනි ක්‍රියාකාරකම් මඟින් මන්නාරම් දූපතේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සහ ජල සම්පතට බලපෑමක් ඇති නොවිය යුතු බවත් කතෝලික රදගුරු සමුළුව අඳාළ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ පිළිබඳව අගෝස්තු මස 18 වන දින සිට 20 වැනි දා දක්වා පැවති ශ්‍රී ලංකා කතෝලික සමුළුවේ පූර්ණ සැසිවාරයේ දී අවධානයට යොමුව ඇත.
ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න
ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි
ඒ පිළිබඳව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,
