මේ ප්රදේශ සඳහා ඉදිරිය වෙන දේ ගැන විශේෂ පූර්ව අනතුරු ඇගවීමක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්රික්ක 4කට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් 1 වන මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (30) පස්වරු 4.00 සිට හෙට (31) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීම වලංගු වන බව සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව මහනුවර දිස්ත්රික්කයේ උඩුනුවර සහ යටිනුවර ද, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, අරණායක, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ද, නුවරඑළිය දිස්ත්රික්කයේ නෝර්වුඩ් සහ අඹගමුව කෝරළය ද, රත්නපුර දිස්ත්රික්කයේ අයගම, ඕපනායක, ඇලපාත, කුරුවිට, පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඊට ආසන්න ප්රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
තවදුරටත් වර්ෂාව පවතින්නේ නම් කඳු බෑවුම්, පස් කණ්ඩි කඩා වැටීමේ සහ ගල් පෙරළීමේ දැඩි අවදානමක් පැවතිය හැකි බැවින්, අදාළ ප්රදේශවල පදිංචි ජනතාව සහ මාර්ග භාවිතා කරන්නන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීමට සූදානමින් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.