කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය නොවැම්බර් 03 වැනිදා විවාදයට ගන් නෑ - බිමල් රත්නායක

Report

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන නොවැම්බර් 03 වැනිදා විවාදයට නොගන්නා බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර ඔක්තෝබර් 28 වැනි දිනට පෙර භාර නොදීම හේතුවෙන් නොවැම්බර් 03 වැනිදා එය විවාදයට ගැනීමට නොහැකි වන බවයි.

උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න

උපාධිධාරී ගුරු පත්වීම් බලාපොරොත්තුවෙන් සිටි අයට හදිසි සුබ ආරංචියක් - සම්මුඛ පරීක්ෂණ කාලසටහන මෙන්න

ඒ අනුව එදින පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් සඳහා වෙන් කර තිබේ. කෙසේ වෙතත්, ස්ථාවර නියෝගයන්ට අනුකූලව අදාළ යෝජනාව යොමු කරන්නේ නම්, ඉදිරි අයවැය කාලසීමාවට පෙර එය විවාදයට ගැනීමට හැකියාව පවතින බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දැනුම් දුන් බව ද සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

මේ රජයේ සේවකයන්ට මෙතෙක් නොඇසූ සුබම සුබ ආරංචියක් මෙන්න - නොවැම්බර් 01 සිට ක්‍රියාත්මකයි

"විපක්ෂයෙන් කථානායකතුමාට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය නොවන පරිදි, ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි, පාර්ලිමේන්තුවේ මෙතෙක් කථානායකතුමන්ලාට ඉදිරිපත් කරලා තිබෙන විශ්වාසභංගවලත් ස්වභාවය පදනම් කරගෙන ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි ඉදිරිපත් කරන්න කියන එක. එතැනදි අපි ඉල්ලා සිටියා මෙම මස 28 වැනිදාට පෙර විපක්ෂයෙන් එම විශ්වාසභංගය ස්ථාවර නියෝගයට ගැලපෙන පරිදි වෙනස් කර ලබා දෙන්න කියලා. නමුත් එය විපක්ෂය පැත්තෙන් ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි සංශෝධනය කර ලබා නොදුන් නිසා පාර්ලිමේන්තුවට විවාද කළ නොහැකියි. පාර්ලිමේන්තුව විසින් කටයුතු කළ යුතු වන්නේ එය විසින්ම සම්මත කරගෙන තිබෙන ස්ථාවර නියෝග අනුව. පාර්ලිමේන්තුවේ කථානායක තනතුර කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අදාළව ජනාධිපතිතුමාට, අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට, කථානායකතුමා වැනි ප්‍රධාන තනතුරුවල පුද්ගලයින්ට අදාළව විශ්වාසභංග ඉදිරිපත් කළ හැක්කේ කුමන ආකාරයෙන්ද කියන එක සම්බන්ධව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83 තිබෙනවා. ඒ වගේම අධිකරණයේ තිබෙන කරුණු සහ විශ්වාසභංගයක් සැලසුම්කර සකස් කිරීම සම්බන්ධයෙන් 91 ස්ථාවර නියෝගවල පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කාරක සභාවට තමයි මේ පිළිබඳව තීන්දු අරගෙන පාර්ලිමේන්තුවේ වැඩසටහනට එකතු කිරීමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා විපක්ෂය පැත්තෙන් එය ඉදිරිපත් නොකිරීම නිසා නොවැම්බර් 3 වැනිදා පාර්ලිමේන්තුවේ දිනය සම්පූර්ණයෙන් වෙනස් කරලා තිබෙනවා කල්තැබීමේ විවාදයකට"