මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානයේ හදිසි ගොඩබෑම ගැන පරීක්ෂණ‍යක්

Report

මෙල්බර්න් සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL605 යානයේ භාණ්ඩ ගබඩා කුටියේ දුම් අනතුරු ඇඟවීමේ සංඥාවක් සක්‍රිය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඊයේ (01) රාත්‍රී 11.20ට පමණ කොළඹට ළඟාවීමට නියමිතව තිබූ මෙම යානය ගොඩබෑමට පෙර අදාළ අනතුරු ඇඟවීමේ සංඥාව සක්‍රිය වී ඇති අතර, ඒ හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කරයි.

කෙසේ වෙතත්, යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්වා තිබේ. එහි ගමන් කළ සියලුම මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිසිදු අනතුරකින් තොරව යානයෙන් ඉවත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අනතුරු ඇඟවීමේ සංඥාව සක්‍රිය වීමට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානය හදිසියේ ගොඩබැස්සවූ පුදුම සහගත හේතුව මෙන්න

මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානය හදිසියේ ගොඩබැස්සවූ පුදුම සහගත හේතුව මෙන්න