පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි [PHOTOS]
By Kaushi
ස්පාඤ්ඤයේ ගුවන් තොටුපළේ ගුවන් යානයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම ගින්න අද (05) දින අළුයම 12:30ට පමණ පල්මා ඩි මයෝර්කා ගුවන් තොටුපළේදී ඇතිව තිබෙන බව සඳහන්.
ගින්න ඇතිවූ අදාළ ගුවන් යානය ස්පාඤ්ඤයේ සිට මැන්චෙස්‍ටර් ගුවන්තොටුපොළ දක්වා ගමන් කිරීමට නියමිතව තිබී ඇති බව පවසයි.
මේ වන විට අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙක් බව සඳහන් වන අතර ඉන් පුද්ගලයින් 06 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර ගුවන් තොටුපළ ගිනි නිවන භටයින්ගේ සහ සිවිල් නිලධාරීන්ගේ සහාය ද ඇතිව අඳාළ ගුවන් යානයේ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ.